Friday 25 September 2015

ඇඳුම් ගැන කතා - Fill gap measure


මේ පහත දැක්වෙන මුල් කතාව ඔබ වැඩි දෙනෙකු මීට පෙර අසා ඇතුවාට සැක නැත.

මරණ මංචකයේ සිටින සැමියා තම යහන ළඟ දුකෙන් තැවෙමින් සිටින බිරිඳ අමතා ඉතා කරුණාවෙන් මෙසේ කීවේය.

"ඩාලින් මං මළාට පස්සේ ඔයා තනිකඩව ඉන්න එපා. ආපහු කසාද බඳින්න."

ඉන් පසු ඔවුන් දෙදෙනා අතර ඇතිවූ දෙබස මෙ පරිදි විය.

"පිස්සු කතා කරන්න එපා ඩාලින්, තව ටික දවසකින් ඔයාට සනීප වෙනවා. මට ඔයා හැර වෙන කාවවත් ඕනෑ නෑ."

"නෑ, නෑ, ඩාලින් මං මළාට පස්සේ ඔයා ආපහු බඳින්නම ඕනෑ."

"අනේ ඇයි ඩාලින් මේ වගේ මගේ හිත රිද්දන කතා කියන්නේ? මට ඔයා නැතුව මේ මුලු ලෝකෙම ලැබුණත් වැඩක් තියෙනවාද?"

"නෑ, නෑ, ඩාලින් මේ මගේ අවසාන ඉල්ලීම විදියට සලකන්න. ඔයා තාම තරුණයි. මං මළාට පස්සේ ඔයා ආපහු බඳින්නම ඕනෑ. ඒ විතරක් නොවෙයි මගේ ඇඳුම් සූට් ටිකත් ඔයා ගේ ඒ අලුත් හස්බන්ටඩ්ට දෙන්න."

"ඒක නම් හරියන්නේ නෑ ඩාලිං. එයාට ඔයා ගේ ඇඳුම් ලොකු වැඩියි."

මට ඒ කතාව සිහිවූයේ, පසුගිය දිනක අසන්නට ලැබුණු පහත දැක්වෙන සත්‍ය සිදුවීම නිසාය.

මේ කාන්තාවන් දෙදෙනෙකු, වඩාත් හොඳින් කියනවා නම් මිතුරියන් දෙදෙනෙකු, අතර ඇති වූ දෙබසකි.

"මගේ එකම අරමුණ තමයි, මංගලා, හොඳට ඩයට් කරලා, හොඳට එක්සයිස් කරලා, හොඳට කෙට්ටු වෙලා, ඉන් පස්සේ මට අඳින්න ලොකු වැඩිවෙන මගේ හොඳ ඇඳුම් සේරම ඔයාට දෙන එක!"

"මොනවා, නිරූපා, ඒ කියන්නේ ඔයා කෙට්ටුවෙන අතරේ මං මහත් වෙන්නත් ඕනෑ කියන එක නේද?"

ඒ වගත් මෙසේම,

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියක් නොවේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

21 comments:

  1. හෙහේ දෙවැනි කතාව නම් නියමයි.අලුත් ලේබල් එකක් වගෙයි!

    ReplyDelete
    Replies
    1. දෙවැනි කතාවෙ ලොජික් එක මට තේරෙන්නෙ නෑනෙ. දන්න කෙනෙක් කියලා දීපල්ලා.

      මෙහෙම උපකල්පනය කරන්න. මිතුරියන් දෙදෙනා X සහ Y. දෙන්නම මහතයි. X තමයි කෙට්ටු වෙන්න යන්නේ. Y එහෙමම ඉන්නවා. ඉතින් X කෙට්ටු වුනාට පස්සේ ඈ සතු ඇඳුම් ඈට ලොකු වැඩියි. නමුත් Y එහෙම උත්සාහයක් නොකර ඉන්න නිසා ඇයට Xගේ මහත කාලේ ඇඳුම් ගැලපෙනවා. Xගේ මහත කාලේ ඇඳුම් අඳිනු පිනිස Y අමුතුවෙන් මහත් වීමට උත්සාහ ගත යුතු නෑ නේද? දෙන්නම ඩයට් කරලා කෙට්ටු වෙන්න දඟලන දෙන්නෙක් නම් මේ කතාවෙන් කිසියම් අරුතක් ගන්න පුලුවන්.

      Delete
    2. ටියුබ්ලයිට් නෙවෙයි පැට්‍රෝමැක්ස් ලාම්පුවක් පත්තු කරන්නවත් ඔච්චර වෙලා යන්නෙ නෑ.

      Delete
    3. විශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්වා පොඩි ළමයි හුරතල් කරද්දී උනත් ලිංගික හැගීම් එනවා කියලා. මන් ඇහුවා ඒ කොහොමද බන් කියලා. ඌ කියනවා නිකම්ම නිකම් හිටියට එන්නේ නැහැ ටිකක් අත පත ගාන්න ඕනේ කියලා. මට තේරුණා ඌ මොනවා හරි සීන් එකක් කරන බව. මාත් නොදන්න ගාණට තව විස්තර ඇහුවා උගෙන්.

      Delete
    4. ශණි, ඇනෝ (s27 September 2015 at 01:30), මගේ ප්‍රශ්නෙට උත්තරයක් ඔබ දෙදෙනාම දී නැහැ. මම සීරියස් ඇහුවේ. කරුණාකරලා දන්න කෙනෙක් කියලා දෙන්න ඒ කතාවෙ ලොජික් එක. ස්තුතියි.

      Delete
  2. මචං … පොඩ්ඩක් කෙට්ටු වෙන්න ඕනෙ බං..කෙට්ටු උනාම අර මගේ ෂර්ට් ටික අරං ගිහින් ඇඳහං.. මං ස්ලිම් ෆිට් ටිකක් ගන්නං.

    තෑන්ක්ස් බං කීවටත්.ඒව මට ලොකුයි යකෝ … X ට දියං .පවුනෙ බං ඌ ඔෆිස් යන එකා... ඌ ඒකෙන් වැඩක් ගනී !!!

    ReplyDelete
    Replies
    1. අන්න යාළුවො .එක්කෝ ...ඔන්න ඔය ටික කීයකට හරි දීලා බෝතලයක් ගෙනත් ගහමු බන් සන්තෝසෙටත් එක්ක ..

      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...
      සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා....
      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

      එකට එක්වී එකට කා බී... එකට සැතපීලා.....
      උඟුල අටවයි විපත පටලයි මුරුඟ ගති පාලා....
      ලෝකයේ...මර විසක් නැත වෙන මිනිස් විස වාගේ...
      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

      තියෙන ඇත්තා... නැති තැනත්තා...තඹයකට නොතකා...
      ඔහුගේ නැතිකම් දුබල බැරි කම් පෙනිපෙනිම මිරිකා....
      සැප විදියි....සැප විදියි පණ ගියත් පෑගී අනෙක් මිනිසාගේ...
      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

      යුක්ති ධර්මේ ජය ගනිවී...දිළෙන ලෙස දිළිදා...
      දෑත නැති වෙයි ඈත හෙළිවෙයි යම් දිනක මතුදා....
      ඔහු එදා...පිහිටවත් නොලැබෙයි ඔහුගේ සෙවනැල්ලේ....
      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.

      ගායනය - මොහිදීන් බෙග් ..

      Delete
    2. ආන්න සිංදුව ලොක්කා !!! එකෙන්ම රෙෂ්පට් එක මගේ ……

      Delete
  3. කාටද මේක කිව්වේ කියල හිත හිතා ඉන්නේ තාම..... මේක පොඩි වංගු ගහල ලියපු එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. රසිකගෙ ගොඩක් පෝස්ට් වල මටත් ඔය අවුල එනවා !!!

      Delete
  4. මහත් වෙන්නේ හොඳට කන්න බොන්න තියෙන අය නේද....?

    ReplyDelete
  5. ඒක කාන්තා දර්ශනය. තමන්ට වැඩිය හැම කෙනාම මහතයි.. හැක්...

    ReplyDelete
  6. කල්පනා කරමින්...

    ReplyDelete
  7. ගෑනු කියන දේවලුත් කරන දේවලුත් තේරුම් ගන්න හරි අමාරුයි.

    ReplyDelete
  8. අපි කියන විදෙයක් කලොත්.කවදහරි මේ සේරම උඹට...!නැතිනම් මළා කියලා දානයක් දීලා පන්සලට ලියනවා.

    ReplyDelete
    Replies
    1. මල්මිට බ්ලොගර් කමෙන්ට් දාන්න හැකියිනේ. බෑ කියල කිව්වාට.

      Delete
  9. සාහිත්‍ය මාසය වෙනුවෙන් නෙවෙයි කිව්වට අද කතාව නම් සාහිත්‍ය මාසෙට වුනත් ගැලපෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.