Tuesday 10 May 2016

ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්‍ෂක කියයි - IGPs secret of interview sucess is out...!


කාලයකට පෙර සන්ලයිට් සබන් අලෙවිය පිණිස ප්‍රචාරය වුණු රේඩියෝ වෙළඳ දැන්වීමක් මෙසේ විය.

මෙය සුනිල් සහ නිමල් නම් මිතුරන් දෙදෙනෙකු අතර කවියෙන් කෙරෙන දෙබසකි.

එන්න නිමල් වාඩි වෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස්වීමට සිදුවුයෙ මොනවාදැයි අහන්න
ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනේ සිද්ධ වුණේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුණේ
මොකද, මොකද ලොක්ක කිවේ?
දක්‍ෂකම ම විතරක් මදි
උසස් ම තනතුරු ලබන්න
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න
ඒ කතාව ඇත්ත තමයි!
කතාව නම් ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොපමණ හේදුවත් නෑ නෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ
මේ විරිදු කතා බහේ, මට වචන අමතක, ඊළඟ කොටසින් හෙළිවන්නේ නිමල් ගේ මිතුරා සුනිල් ගේ රෙදි කිරි සුදෙන් බබළන්නේ ඔහු සන්ලයිට් සබන්වලින් රෙදි සෝදන නිසා බවයි.

පසුව නිමල් ද, සන්ලයිට් සබන්වලින් රෙදි සෝදා, තම උසස්වීම ලබා ගනියි.

ඒ එදා ය.

පසුගිය දා පත්වූ නවක මහ පොලිස් පරීක්‍ෂක (Inspector General of Police) පූජිත ජයසුන්දර තම උසස්වීම ලබා ගැනීම සඳහා අනුගමනය කර ඇති ක්‍ර්‍රියා මාර්ගය මෙසේ ය.



බුදු සාදුට පවා වෙනත් ආගමකට යාමට සිතෙන ආකාරයේ ඒ විහිළු-තහළු වීඩියෝව දුටු මට මුලින් ම සිතුණේ "නොදකින්!" කියා ය.

නමුත් පසුව, නවක මහ පොලිස් පරීක්‍ෂක පුජිත ජයසුන්දර ගැන අනුකම්පාවක් ද, ඒ සමගින් ම, ඇත්තටම පහන් සංවේගයක් ද ඇති විය.

ඒ මක්නිසාද යත්, මෙවැනි ධර්මරාජයෙකු මහ පුටුවේ ඉන්නා ලංකා පොලීසිය ද, තම භටයින් ගේ උරහිස පැළඳි ධර්මචක්‍ර ලාංඡනයෙන් නිරූපණය වෙන ආකාරයට, තම ආදර්ශ පාඨය වන "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" යන්නෙන් කියවෙන ආකාරයට, ධාර්මික පුන්‍ය ආයතනයක් වීමට හොඳටම ඉඩ ඇති බව වැටහුණු නිසා ය.

මීට කලින් සිටි පොලිස්, හමුදා ලොක්කන් උග්‍ර සායිබාබාවාදීන් වූ බව මම අසා ඇත්තෙමි. ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටූ හොරෙකු සරණ ගිය ඒ උන්දැලා හා සලකන කල, මේ නවකයා මට නම් හොඳ ය.

සාධු, සාධු, සාධු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
නවක මහ පොලිස්කාරයා ගේ මේ කතාව ඇසූ මා මිත්‍ර සත්‍යප්‍රසාද් ප්‍රකාශයක් කරමින්, වසර අවසානයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා ගැනීම සඳහා අද හෙටම තමන් ගේ වට වන්දනාව ආරම්භ කරන බව කියා ඇත.

මම පසුගිය සිකුරාදා ඉහළ තනතුරක ඇබෑර්තුවක් සඳහා අයැදුම් පතක් යොමු කළෙමි. මට ඒ තනතුර ලැබුණොත්, ලබන සතියේ සිට අඩුවීමට නියමිත ගමන් කාලය පෙරටත් වඩා වැඩිවෙනමුත්, පඩි පැකට්ටුව නම්, 30% කින් පමණ වැඩිවේ.

එ නිසා, මට අදාළ සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමක් ලැබුණොත්, ග්ලෙන්මෝ පාර්ක් හි පිහිටි අපේ නිවසේ සිට, සිනුවර ලංකාරාමය දක්වා පා ගමනින් වන්දනාවක යෙදීමට මගේ සිතේ අදහසක් ඇතිවිය.

ඔය තනතුර සඳහා අයැදුම් කර ඇති අන් අය, එවැනි වන්දනාවක යෙදීමට ඇති ඉඩකඩ අවම නිසා, මට උසස්වීම ලබා ගැනීමට හොඳටම අවස්ථාව ඇති බව පෙනේ.

අයැදුම්පත යොමු කිරීමට පෙර මේ ආකාරයේ වන්දනාවක් කළා නම්, සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීම ද අනිවාර්යෙන් ම ලබා ගැනීමට ඉඩ තිබුණා නොවේ දෝ යි කියා ද මට සිතේ.

දැන් ඉතිං, සම්මුඛ පරීක්‍ෂණයක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සායිබාබාටවත් භාර කළ යුතුය!

(image: http://www.police.lk/index.php/vision-a-mission)

27 comments:

  1. මටත් ඕක හිතුනා , ඒ වගේම වාස් ගුනවර්ධනත් ඔය විදියට පේ වෙලා ආවොත් ඔහුටත් පොලිස්පති වෙන්න තිබ නේද ?

    ReplyDelete
  2. හොරු අල්ලන්න කනප්පු කරකෝන ගොං පොලිස්කාරයො ඉන්න රටේ සායි බාබාල වගේ බබාල මහ පුටුවට ගියාම කොහෙන් කෙළවර වෙයිද මංදා..

    ReplyDelete
  3. තනි ඇහැට ඇඬෙනව...
    මේ වගේ පොලිස් කාරයො පොල්පිත්තකිනුත් කපා ගන්න පුලුවන්...

    ReplyDelete
  4. Aththama thamayi.Ane apoi kiyala hithenawa.Wena ekak thiya patan gena thiyenneth istharamma nirmala Bhuddha dharmaya thiyana thanakin.Gangaramayen!

    ReplyDelete
  5. රසිකට තේරුණේ නැහැ මෙයාගෙ ගේම් එක. මෙයා ගිහින් තියෙන්නෙ කෙහෙල්මල් ආගමික වන්දනාවක නෙවෙයි. මෙයා සූක්ෂ්මව කරලා තියෙන්නෙ ලංකාවෙ පසුගාමී සිවිල් සමාජයෙ යම් බලපෑමක් හිමි සංඝ සමාජයේ අනුකූලතාවය දිනාගෙන ඔවුන් ලවා ජනාධිපතිවරයාට (හා සමහරවිට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ට) තමන්ට මේ නිලය ලබා දෙන ලෙස අයුතු බලපෑම් කිරීම. මේක සදාචාරාත්මකව වගේම නෛතිකවත් වැරදි දෙයක්. නමුත් අපේ සමාජය හුරු වෙලා ඉන්නෙ සංඝ සාමජයෙන් මොන වැරද්දක් වුණත් ඉවසන්න. මෙයා වගේ ගේම් කාරයො ඒවයින් ප්‍රයෝජන ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++

      Delete
    2. ඒ වගේම මේ උන්නැහේගේ කැම්පේන් එක.ගොඩක් දෙනා දැන හෝ නොදැන ඒ වැරදි පුර්වාදර්ශයට ඉඩ දුන්නා.ඉස්සරහාට දැන් තවත් අය මේක පටන් ගනීවි.මම තමයි සුදුස්සා කියාගෙන.

      Delete
  6. මුදලාලිලාට, ත්‍රීවීල් කාරයන්ට හැම පෝයකටම වෙසක් කූඩු හදන්න වෙයි වගේ.

    ReplyDelete
  7. චැහ්ඃ.. මේක දවස් දෙකකට කලින් දාන්න තිබුනෙ.ඊයෙ ගස්ලබ්බට ජොබ් එකකට එග්සෑම් එකක් තිබුනා.ලියාගන්න යා ගන්න බැරි වෙලා හෙන අවුලෙන් හිටියෙ.දේවාල ගානෙ බඩගාන්න වෙන හැඩයක් තියෙන්නෙ මේ විදිහට බැලුවොත්..
    ජයවේවා..!!

    ReplyDelete
  8. පොලිස් කෝළම නැවතත් සබයට...

    ReplyDelete
  9. බනානා රිපබ්ලික් වෙනත් තලයකට

    ReplyDelete
  10. මේ ගැන අදහස් දැක්වීමට ගොස් ඔබටත් ආයුධ පෙන්වීමට යාමේ වන්දනා ගමනක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

    ReplyDelete
  11. නොදකින් අම්මප මෙහෙමත් ගෝත ආණ්ඩුවක්. එදා රාජපක්ස හැතිකරය වවාගෙන කාපු කාලකණ්ණි හින්ගල බහුත්ද ගොන් බිජු සඟිස්කුරුතියට කෙළවන්න ගිහින් ඊටත් වඩා කුජීත අමුම අමු ගොබ්බ සඟිස්කුරුතියක් මුන් ඇතිකොරන්න පටන් අරන්. නොදකින් අර අපත නිරාගමික සිවිල් සංවිධාන ගොබිල්ලු. මුන් කටවල් පුකවල් වහන් ඉන්නැතුව අඩුගානෙ මේවට වචනයක් වත් කියපියව්කො. අඩුගානෙ කටවත් අරින්නෙ නැති හැටියක්. බලන් ගියාම මරාගෙ කලෙ කොච්චර හොඳයිද මුන්ගෙ මල කෝලම් එක්ක බලත්දි.

    ReplyDelete
  12. ඇත්තටම රසික 2015 ජනවාරි 08 වෙනිදා යහපාලනයට දීපු ඡන්දය ගැන මම අදත් පසුතැවිලි වෙනවා. අපරාදෙ ඡන්දය කුරුටු ගාල දැම්මනම් හිතට කොච්චර සනීපයිද? ශික් විතරක් මේ මෝඩයොන්ගෙ අවිචාර වැඩ නිසා මට දැන් නිව්ස් බලත්දි පපුව රිදෙනව වගේ දැනෙනව.

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා ඡන්දය් නොදැම්මා නම්, මෙදා වියෝවක් නෑ......!

    හ්ම්ම්ම්..... !!!

    ReplyDelete
    Replies
    1. එකක් කඩතොලු වසා ගන්නට ගොස් අහෝ මට වූ කාරියා - දාහක් කඩතොලු හදා දුන්නයි මෝඩ වහ පාචනේයා. සිරිසේන ලොක්කනම් අම්මප යන දවසට යන්නේ අන්ත දූශිත රාජපක්ශ කම්බ හොරාටත් වඩා හපන් විදිහට නෝන්ඩි වෙලා බලු වෙලා කිච වෙලා. රනිල් නම් ගල් කට්ටය නිසා ඔක්කොම කුණු සිරාගෙ පිටින් දාල ජාමෙ බේරගනී.

      Delete
  13. අපේ උපාසක පොලිස් පති තුමාට ජය වේවා.

    ReplyDelete
  14. මම කල්පනා කරන්නේ Commissioner General of Excise සුරාබදු කොමසාරිස් ජනරාල් වෙද්දි, Conservator General of Forests වන සංරක්ෂක ජනරාල් වෙද්දි, Controller General of Immigration and Emigration ආගමන විගමන පාලක ජනරාල් වෙද්දි, Inspector General of Police ඇයි පොලිස් පරීක්ෂක ජනරාල් නොවෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. It is not so. Conservator General of Forest is Wana Sanrakshaka. Post Master Genaral is Thapalpathi.

      Delete
  15. වැඩිය හිතන්න යන්න එපා මේ දේවල්ගැන.ලෝකෙටම විහිළු සපයන රටක මි පොලිස් නිලදාරියත් ස්වයං වින්දනයේ යෙදෙනවා.

    ReplyDelete
  16. දැනුයි දැක්කේ වීඩියෝව හිනාවෙන්නද අඬන්න ද කියල හිතා ගන්න බැහැ.

    ReplyDelete
  17. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් නවක වදය විඳ පුර්ණ මිනිසකු වී උපාධිය ද ලබා ලොකු තනතුරකට පත් වූ අයෙකු ගැන ඔබ මෙසේ කතා කිරීම වැරදිය.
    http://nelumyaya.com/?p=5782

    ReplyDelete
  18. Oh,Those Rajans! මෙයාව පොලිස්පති කරන්ඩ ධර්මරජ අය හරියට මහන්සි උනා. පව් ඉස්කොලෙටම අවිත් ගම කෑවා.

    ReplyDelete
  19. අපේ රටේ පත්වීම් වල ඔහොම නොවුනනම් තමයි ඉතින් පුදුමේ. වැඩේ කියන්නේ ඉතින් ප්‍රසිද්දියේ ඕවා කියන එකනේ.

    ReplyDelete
  20. මෙන්න චක්කරේ
    වන්දනා 35 =පොලිස්පති
    වන්දනා 50= තානාපති
    වන්දනා 75= අගමැති
    වන්දනා 100= ජනාධිපති

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.