Thursday 16 April 2015

වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට පොඩි තල්ලුවක් - Blogging for ten years!


සුනාමි ව්‍යවසනයෙන් ලොවම කම්පාවට පත්වූ 2004 දෙසැම්බරයේ එක් දිනයක නිවාඩු පාඩුවේ නිවසට වී පරිගනකය ඉදිරියේ කල් මරමින් සිටි මම, එවකට මා භාවිතා කළ ෆයර්ෆොක්ස් බ්‍රව්සරයට නොමිලයේ ම එකතු කර තිබූ බුක් මාරක් පිරිස්සා බලන්නට පටන් ගතිමි. බ්ලොගර් නම් වූ සේවාව මුලින් ම මගේ ඇස ගැටුනේ එදා ය.

ඒ කුමක්දැයි, කෙලෙස ප්‍රයෝජනයට ගන්නේදැයි, කිසිවක් නොදැන මම ඔහේ ඉබාගාතේ විවිධ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ කරමින් බ්ලොගර් සේවය හා පැය කිහිපයක් ගත කළෙමි. බ්ලොගින් යනු කුමක් දැයි පිරික්සා සොයා බැලුවෙමි.

කලක් තිස්සේ මා අතින් ලියවෙමින් තිබූ කවි සහ ඒ ඇසුරෙන් ගොඩ මා නැගූ ගී පද මාලා අන් අය හා බෙදා ගන්නට මේ බ්ලොගර් සේවාව උපයෝගී කරගත හැකි බව මට ක්‍රමයෙන් පසක් විය.

දැන් ප්‍රශ්ණය වූයේ, සිංහල අකුරු කොයි ආකාරයට භාවිතා කරන්නේ ද යන්නයි.

ඒ වෙන විට දිවයින පුවත් පත කපුටා ඩොට් කොම් නම් ෆොනටික් අකුරු මාලාවකින් අන්තර්ජාලයට එකතු වී කාලයක් ගත වී තිබුණි. මගේ කවි මා පරිගනක ගත කර තිබුණේ ද කපුටා අකුරු ආධාරයෙන් "කෝ-කෝ" ක්‍රමයට කොට කොටා ය.

නමුත් හැම පරිගනකයකම කපුටා අකුරු නොතිබුණි. විශේෂයෙන් ම කාර්යාලවල සිට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට තමන්ට කැමති අකුරු යොදා ගැනීම සඳහා අවසර නොතිබුණි.

එනිසා මා තීරණය කළේ, මගේ ගී පද මාලා මුලින් කපුටා අකුරෙන් ලියා, දෙවනුව ඒවා රූප බවට පෙරලා, තෙවනුව ඒ රූප බ්ලොගය හරහා අන්තර්ජාලයට එක් කිරීමටයි.

ඒ ආකාරයට වදෙන් පොරෙන් මා සාදා ගත් "පෙම් ගී - http://pemgee.blogspot.com.au/" නම් බ්ලොගයට පසුගිය අප්‍රියෙල් එකොළොස් වෙනිදා වසර දහයක් පිරුණි.

බ්ලොගර් සේවය ඇරඹී ඇත්තේ ඩොට්-කොම් බූම් සමයේ 1999 දී ය. මා බ්ලොගර් හඳුණා ගන්නා විට, එහි අයිතිය ගූගල් සමාගම විසින් මිළට ගෙන වැඩි දියුණු කර නොමිලයේ ලබාදෙන සේවාවක් ලෙස දියත් කර තිබුණි. එසේ නමුත්, බ්ලොග් පෝස්ටුවක් සඳහා රූප ඇතුලත් කිරීම අද මෙන් එක එල්ලේ කළ නොහැකි විය. ඒ සඳහා පිකාසා නම් ගුගල් සමාගම විසින් මිළට ගෙන තිබූ තවත් සේවාවක පිහිට ලබා ගැනීමට සිදුවිය.

එදා පෙම් ගී බ්ලොගය ඇරඹූ 2005 අප්‍රියෙල් 11 දින සිට, 2006 ඔක්තෝබර් දක්වා විටින් විට මා ලියූ ගී පද මාලා විසි පහක් මුලින් සඳහන් කළ ආකාරයට රූප ලෙසින් බ්ලොගයට ඇතුලු කළෙමි.

කලින් මා කළ රැකියාවක දී මුද්‍රණය කළ බිස්නස් කාඩ් ගොන්නක පසුපස "පෙම් ගී" බ්ලොග් ලිපිනය ලියා, සිඩ්නි වාසී මිතුරන් සහ අළුතින් මුණ ගැසෙන අය අතර බෙදා හැරියෙමි. ලොව පුරා මිතුරන්ට මේ ගැන පැවසීමි. මගේ ඊ-මේල් ලිපිවල අගට බ්ලොගයේ ලිපිනය ඇතුළත් කළෙමි. වසර 2005 නොවැම්බරයේ ලංකාවට පැමිණි විට පිළියන්දල අච්චු කන්තෝරුවකින් අළුත්ම බිස්නස් කාඩ් තොගයක් මුද්‍රණය කරගෙන ඒවා ද බෙදා හැරියෙමි. ඒවන විට ජාලයේ තිබූ වෙනත් සිංහල සේවාවන්ට ද මේ ගැන දැනුම් දුන්නෙමි.

මගේ ඒ උත්සාහය තරමක් හෝ සාර්ථක වූ බව කිව හැකියි. ඇමරිකාවෙන්, ඉතාලියෙන්, එංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මගේ නිර්මාණ ගැයීමට පිරිස් ඉදිරිපත් වූහ. ඒ කිහිප දෙනෙක් ඒ පද මාලාවන්ට තනු යොදා, සංගීතය මුසු කොට ගීත ලෙස ගායනා කළහ. තවත් සමහරු යම් එම් අත්හදා බැලීම් සිදු කළහ. ඒවායේ දළ පිටපත් ද මා අසා ඇත.

ඊට අමතරව මගේ "පෙම් ගී" අඩවිය දැක මා හා ඊ-මේල් සම්බන්ධතා ඇති කර ගත් තරංග ජයසේන නිසා, අන්තර්ජාලයේ නිමවුණු තවත් සිංහල සාහිත්‍යමය කටයුතු හා සම්බන්ධවන්නටත්, බූන්දි වෙබ් අඩවිය, අක්‍ෂර සෙනග නිර්මාණ එකතුව වැනි දේ සඳහා ආරම්භයේ සිටම සම්මාදම් වෙන්නටත් මට අවකාශ ලැබුණි.

සිංහල යුනිකෝඩ් යුගයට පෙරාතුව, අන්තර්ජාල පහසුකම් බහුලව පැතිරෙන්නට පෙරාතුව (මා එකල භාවිතා කළේ ද 56kbps මෝඩමයක්, ගෙදර දුරකතන සම්බන්ධය හරහායි) මා එදා වසර දහයකට පෙර ගත් ඒ උත්සාහය ගැන අද දශකය සංවත්සරය ගෙවෙන මේ මොහොතේ මට ඇත්තේ ලොකු සතුටකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි කාලයේ දී ඉඩකඩ ලැබෙන අයුරින් පෙර කී ඓතිහාසික සළකුණු එළෙසම තබාගෙන ඵෙම් ගී බ්ලොගයට යම් ආකාරයක පුනර්ජීවයක් ලබා දීමට අදහස් කරමි.

ප/ප/ලි
මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.

42 comments:

  1. තව අවුරුදු 25කින් විතර පස්සෙ අද තියෙන දේවලුත් කෞතුක දේවල් වගේ පෙනේවි.
    සංසාරේ.. සංසාරෙ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ වෙනත් වුනේ නැති නම් විතරයි.
      නැත්තං අවුරුදු විසි පහේ තරුණ, තරුණියන්වත් කෞතුක භාණ්ඩ වගේ පේන්න ඕනැ නේ?

      Delete
    2. එක කාලෙක සිංහල යුනිකෝඩ්වලින් ලිපියක් පළ කළාම ඒක කියවන්න යුනිකෝඩ් සෙටප් කර ගන්න හැටිත් කියලා දෙන්න වුණා නේ ද?

      Delete
  2. මම සිංහල බ්ලොග් අවකාශයට අඩිය තිබ්බේ 2010, එතකොට සිංහල බ්ලොග් කියවනය දැකලා තමයි බ්ලොග් එක පටන් ගත්තේ. එතකොට රසික සහෝදරයා මීට වසර 10කට පෙර ගත්ත ඒ උත්සහය බොහොම වැදගත් සන්ධිස්ථානයක් වෙන්න ඇති සිංහල බ්ලොග් ඇරඹුමටත්. කොහොම නමුත් එදා ඒ කරපු කැප කිරීම අද පාඩු වෙලා නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. වැඩි පිරිසක් නොබැලුවත් මා ඉන් ලොකු සතුටක් ලැබුවා. ගී පද මාලා විසි පහෙන් බහුතරය වසර කිහිපයක් තුළ අළෙවි වුණා!

      Delete
  3. ඒ කියන්නේ කකාද හින්ගල බ්ලොග් පටන් ගත්තේ....?

    ReplyDelete
    Replies
    1. කවුරු ඉවර කරයිද?

      සොරි සොරි, ආයිත් මේ කැකුණ මෝඩ් එකට ඇවිත් .... අර පත්තරමහතා තමයි වගකියන්න ඕනෙ :-D

      Delete
    2. ලෑන්ඩ් මාස්ටර් ලෝඩ් එකක් ඕඩර් කරා ඕං :D

      Delete
    3. නැතුව. කකා තමයි සිංහල බ්ලොග් අවකාශයේ පුරෝගාමියා. කකා නිසානේ මාතලන් උනත් බ්ලොග් ලියන්න ආවේ. කකාලා බ්ලොග් ලියන්න පටන් ගන්නකොට මාතලන්ලා බ්ලොග් තියා ඉන්ටනෙට් කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නෑ. කකා ඉන්ටනෙට් එන්න පටන් ගන්නකොට මාතලන්ලා කොම්පියුටර් එකක් ඇහැටවත් දැකලා නෑ. කකා කොම්පියුටර් අත්පත ගානකොට මාතලන්ලා හෑන්ඩ් ෆෝන් එකක් ඇහැට දැකලා නෑ.

      ඒ අතින් බලනකොට කකා කියන්නේ කොයිතරම් නිහතමානී කෙනෙක්ද. කොයිතරම් සේවයක්ද සිංහල බ්ලෝග අවකාශයට ඉටුකරේ. සිංහල බ්ලොග් ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා වන කකා තමුන්ට හිමිවිය යුතු ඒ නම්බුව පවා ලබාගන්නේ නෑ. කකාට ජයවේවා.

      Delete
    4. මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.

      Delete
    5. කවුරු ඉවර කරයිද?

      PRA will end it!

      Delete
    6. ඔව් ඔව් කකා තමා ජාතියේ පිනට පහලවෙච්ච බ්ලොග් දෙය්යා අජියලා නිකම් දෙකයි පනහේ පොරවල්ටනේ සම්මාන දුන්නේ

      Delete
  4. ඒ කියන්නේ ඒ කාලේ සිංහල බ්ලොග් වැඩිය තිබුනේ නැද්ද ?

    ReplyDelete
  5. මිහිරි මතක ගොනුවක් නේද !

    ReplyDelete
  6. සංවත්සරයට සුබ පැතුම් !

    පෙම් ගී බ්ලොග් එකට යම් ආකාරයක පුනර්ජීවයක් ලබා දෙන්න හිතපු එක හොඳ අදහසක්.

    ReplyDelete
  7. කිරි බුදු හප්පොත්තියේ
    අවුරුදුම දහයක් නේ
    සෙල්ලංද කකා කීවලු හිහි

    ReplyDelete
  8. දහයට සුභපැතුම්. කයි කතා ටිකක්වත් දාල ගමු.
    මේවගේ බ්ලොග් එකක් තිබුන නං මම කරන්නෙ කතන්දර බ්ලොගේ පටන් ගන්නෙ නැතිව ඒකෙ ලියනව.

    පෙම්ගී ගැන දැනගන්න කලින් මම දැනගෙන හිටිය පැරණිම බ්ලොග් එක තමයි මේ. http://srishanu.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනේ මේ කයිපද නං දාන්න එපා. කකාට ඕනි නං කයිපද කරේ තියං යන්න. මේකේ නං ඔව්වා දාන්න එපා.

      Delete
    2. රසික උනන්දුකලා සිංහලෙන් ලියන්න මගෙ හැම English කමෙන්ට් එකටම වගේ පස්සෙ ( කෙන්ජි et al ගේ බැනීම් හා පත්තර උතුමාගේ හිනා හඬ මැද )
      රාජ් සහ රසික තමයි ගුරාල ( බුදු අම්මෝ කවුරුවත් මට බනින්න එපා... ඒගොල්ල ගුරාල කිව්වෙ මං ලියන කමෙන්ට් අන්තර්ගතය ගැන නම් නෙමෙයි සිංහල අකුරු ටයිප් කිරීම පිලිබඳව විතරයි )

      In this traditional new year I thank you all - my intentional and un-intentional teachers, and also all bloggers and commentators whose creations I have enjoyed.

      I have hugely enjoyed reading and commenting on blogs. I might or might not continue in this in the future but I really wish everybody would consider and treat blogs the same way I do- as a unique form of entertainment with some informative value at times.

      Delete
    3. ඒක සිංහල බ්ලොගක් වෙලා තියෙන්නෙ සෑහෙන පස්සෙනෙ!

      මම හිතන්නෙ පැතුම් හේරත්ගෙ බිත්තිය තමා තියෙන පරනම යුනිකෝඩ් බ්ලොග් එක. සිංහල බ්ලොග් ඉතිහාසෙ පරණම බ්ලොගයක් හැටියට පවතින්නෙ රසිකගෙ බ්ලොග් එක වෙන්න පුලුවන්.

      Delete
    4. මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.

      Delete
  9. අප්පේ.... ඒ කාලෙ අන්තර්ජාලෙ හොන්දටම මැජික්.. ජයවේවා..!!!

    ReplyDelete
  10. මමනම් ඔය කාලෙ හිටියට කොම්පුයිටරයක දැකල තිබුනවිතරයි..අතගාල තිබුනෙ නැහැ.

    ReplyDelete
  11. සංවත්සරයට සුභ පැතුම්!!!

    ReplyDelete
  12. පෙම් ගී අවුරුදු දහයට සුභ පැතුම්.. ඒ වගේම සිංහල බ්ලොග් කලාව නංවන්නට රසික දැක්වූ අනුපමේය මෙහෙයටත් ආචාරය.. පැරණිම සිංහල බ්ලොග් එක යන යෙදුමටනම් එකඟ වෙන්න බෑ.. මං බ්ලොග් ගැන දැන ගත්තේ 2000දී.. ඒ මගේ හිතවතෙකු මගින්.. එදා සිටම ඔහු බ්ලොග් එකක් පටන් ගැනීමට යැයි කියා මට බල කලත් තවත් අවුරුදු 14ක් පමණ යනතුරු මා ඊට අත තැබුවේ නෑ.. :) මේ මා දුටු ඔහුගේ පැරණිම බ්ලොගය..
    http://viramaya.blogspot.com/
    එහි පළමු සටහන තබා තිබෙන්නේ වසර 2000 අප්‍රේල් මස 19 දින.. ඒ අනුව තව දින තුනකින් පමණ ඊට වසර 15ක් සම්පූර්ණ වෙනවා.. නමුත් 1999 සිටම සිංහල බ්ලොග් අඩවි පැවති බව මා අසා තිබෙනවා..ඒත් ඒවා දැක නෑ.. සමහරවිට ඒවා ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි බ්ලොග් අඩවි විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන්, තවත් පැරණි බ්ලොගක් අඳුනගත්ත.

      පැරණිතම සිංහල බ්ලොගයකට මිසක් පැරණිතම සිංහල බ්ලොගයට කියල නෙමෙයි නේද තියෙන්නෙ?

      Delete
    2. මා කිසි තැනක මගේ බ්ලොගය පැරණිම එක යැයි කියා නෑ. මාතෘකාවේ ලියා ඇත්තේ "වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට" කියායි.

      ඇත්තටම, මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි කියා ද සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිතයි.

      Delete
  13. අගය කළ යුතු උත්සාහයක්... සුබ පැතුම්..... එදා ඇරඹි ගමන අද සිංහල බ්ලොග් කලාවේ දියුණුවට දායක වූ බව පැහැදිලියි...

    ReplyDelete
  14. කොම්පියුටරයක් මුලිම්ම තනියෙන් පාවිච්චි කරේ 1998දි. අයි බී එම් ඇප්ටිවා කියන මැෂින් එක. වින්ඩෝස් 95. ඒ කාලෙ කපුට ඩොට් කොම් එකේ අකුරු දාගෙන අපිත් දිවයින බැලුව. ඒ ඇරෙන්න සිංහලෙන් ඕවගෙ යමක් කරන්න ක්‍රම සහ විදි හොයනවට වඩ, එක්කො වැලක් බලන්න, නැත්තන් ගේමක් ගහන්නනෙ උනන්දුව තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. //එක්කො වැලක් බලන්න, නැත්තන් ගේමක් ගහන්නනෙ උනන්දුව තිබ්බෙ//

      ඒ කාලෙ අපිට කොම්පීතරේ වින්ඩෝස් නැතත් ජෙට් ඕඩියෝ එකයි නීඩ් ෆෝ ස්පීඩ් එකයි තමා ඕනැ :D :D

      Delete
    2. අභීත එදිරිසිංහ මහතාගේ ලිපි ඉන්දිකගේ බ්ලොග් එකේ ඇති හොදම බ්ලොග් ලිපි තේරීමේ චන්දයට ඇතුලත් කර නැත්තේ ඇයි? මොන වැරදි තිබුනත් අභීත එදිරිසිංහ කියන්නේ ඉතාම සාර්ථක බ්ලොග්කරුවෙක්. ඔහුට මේ අයුරින් වෙනස්කම් සිදුකරනවාට පාඨක අපගේ විරෝධය.

      Delete
    3. අබීත මේ දවස්වල "බුකියේ ජෝකර්" සම්මාණයට තඟ කරනවනෙ, ඉතින් බ්ලොග් ජෝකර් සම්මනෙ දෙන්න බෑ. එක වැරැද්දට දෙපාරක් දඬුවම් කරන්නෙ උන්ගෙ බයි පාලනේ හමුදා අධිකරනෙ විතරයි.

      Delete
    4. යකෝ ඒ කාලෙ ඇප්ටිවා එකක් එකයි විස්සක් විතර වෙනවනෙ.

      Delete
  15. සුබ පතනවා දිගටම ලියන්න

    ReplyDelete
  16. සුබ පතනවා.. ඇත්තටම මම අදටත් කතන්දර බ්ලොග් එක නැවතුන එක ගැන ඉන්නේ අසතුටින්.. අපි බ්ලොග් වලට ආව කාලේ හුඟක් දෙනෙක්ව අඳුන ගත්ත හුඟක් දේ දැන ගත්ත තැන ඒක.. නොනවත්වා ලිවුවනම් කතන්දර බ්ලොග් එක බ්ලොග් අවකාශයේ කාටවත්ම කිසිම දවසක සමකරන්න බැරි තැනකට එනවා.

    ReplyDelete
  17. සුබ පැතූම්,, ස්තුති අපි එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  18. 2001 විතර ඉඳල අපිත් 56K මොඩම් දාගෙන ගෙදර ටෙලිෆෝන් ලයින් එකෙන් ඉන්ටනෙට් ගියා. ඔය කපුටා.කොම් හරි මොනව හරි බලනව මිසක ඔය බ්ලොග් කතාවක් එතකොට අහල තිබ්බෙ නෑනෙ.

    ReplyDelete
  19. හික්ස්! 2004 කාලෙදි ඉන්ටර්නෙට් කියන්නෙ සෑහෙන යාප්පුවෙන් ලබාගත යුතු වරප්‍රසාදයක් වෙලා තිවුනෙ අපේ ගෙදර නම්. අම්මාගේ හෝ තාත්තාගේ දැඩි අධීක්ෂණය යටතේ ඔය පාඩමකට අදාල රූපයක්, විස්තරයක්, එහෙමත් නැත්තම් කාර්ටුන් හරි ටීවී සීරීස් හරි පිස්සු වැටීගෙන බලපු වැඩසටහනක් ගැන වැඩිදුර ඕපාදූප විස්තර තියෙන සයිට් එකක් දෙකක් බලන්න යන්න තමයි නිදහස තිවුනේ.

    හැබැයි කකාගෙ බ්ලොග ගැන දැනගෙන හිටියනම් ඒකත් නිසි බලධරයන්ගේ අවසරය සහිත ස්ථානයක් වෙන්න තිබුනා.

    ReplyDelete
  20. මොනවා පටන් ගත්තත් ,කොහොම පටන් ගත්තත් , කොහොම කරගෙන ගියත් "රසික" හෝ "ක.කා " කියන්නේ බ්ලොග් ලෝකේ ට දැනෙන බලපෑමක් කරන්න පුළුවන් වෙච්ච කීපදෙනාගෙන් කෙනෙක්. අපි පවා බ්ලොග් කියවන්න උනන්දු වුනෙත් එතනින් එහාට ගිහින් වැරදී වැරදී බ්ලොග් ලියනත් පටන් ගත්තේ රසික, මාතලන්, බස්සි වගේ අය බ්ලොග් ඇතුලේ තියපු සලකුණු වලට වශී වෙච්ච හින්දයි..

    රසික ගේ මේ "සිංහල පින්තූර" බ්ලොග් එක කතන්දර බ්ලෝග කියෝන කාලෙත් මට හම්බු වෙලා තියෙනවා. මොනවා වුනත් වැඩේ වටිනවා කියල කියන්න තමයි තියෙන්නේ. ඒ බ්ලොගට ආපහු පන පොවනවා කියන එක බොහොම සන්තෝස ජනක කාරණයක්.

    ReplyDelete
  21. සුභ පැතුම් . මේකට අමතරව තව සින්දු බ්ලොග් අඩවි තිබුන නේද? MSN group ඒවා හෙම. සින්හල ජූක් බොක්ස්, තරුණයා වගේ ඒවා. මට ඒ දවස් වල පිස්සුව තිබුනේ සෙටී වගේ ප්‍රෝග්‍රෑම් වලට.

    ReplyDelete
  22. කපුටා.com , නම ඇහුවත් හෙන nostalgic . ජයවේවා රසික සහෝ :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.