Friday 26 August 2016

මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God


ඉනික්බිති දෙයියා විසින් මිනිසා මවන ලදී යයි බයිබලයේ ලියා ඇත.

මා නම් සිතන්නේ එය සිදුවූයේ ඒ ආකාරයට නොව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කියා ය.

එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!

විශ්වය සෑදුණේ කෙසේද, පෘථිවිය සෑදුණේ කෙසේද, මිනිසුන් සතුන් බිහිවූයේ කෙසේද, අපේ ශරීර ක්‍රියාත්මකවන්නේ කෙසේද, කුරුල්ලන් පියාඹන්නේ කෙසේද, අපට පියාඹන්න බැරි ඇයි, ලෙඩ රෝග සෑදෙන්නේ කෙසේද, අප මිය යන්නේ ඇයි, අප වසනා මේ ලෝකයේ වර්ෂාව, ගංවතුර, භූමිකම්පා, ගිනිකඳු, අකුණු, සුනාමි, හිරු, සඳු පෑයීම, බැසයාම යනාදී විවිධ දේ ඒ ඒ ආකාරයට සිදුවන්නේ කෙසේද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකි වූ කල්හි ඒ ස්වාභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මිනිසා විසින් දෙයියා නමැති සංකල්පය නිර්මාණය කර ගත්තා යැයි සිතිය හැක.

එසේ සිතීම, නොපෙනෙන දෙවියෙකු විසින් ඒ සියල්ල කරනවා ය කියා සිතීමට වඩා තර්කානුකූල සිතුවිල්ලක් වේ.

ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එසේ නිර්මාණය කරගත් දෙයියා දඩමීමා කරගෙන මිනිසුන්ගෙන් සුළු කොටසක්, මිනිසුන් අති බහුතරය මර්දනය කර ඇති බව ද ඉතිහාසය දෙස් දෙයි.

දෙයියෙකු හෝ දෙයියන් යනුවෙන් පිරිසක් හෝ සිටින බව ද, දෙවියෙකු විසින් මිනිසා ද අනෙකුත් සත්වයින් ද මවන ලදී යන්න ද විශ්වාස කළ යුතුම නම්, එය විශ්වාස කළ හැක්කේ එක්තරා සුවිශේෂී උපකල්පනයක් සමග පමණක් බව මගේ අදහසයි.

ඒ උපකල්පනය නම්, මේ කියන දෙයියා යනු පිට සක්වල ජීවියෙකු බව සහ ඔහු හෝ ඇය පෘථිවියට පැමිණි ශිෂ්ටාචාරය වනාහී ජාන තාක්‍ෂණයේ ද, ක්ලෝනීකරණ තාක්‍ෂණයෙන් ද ඉතා දියුණු තත්වයක පැවති එකක් ද බවයි.

නමුත්, එවිට නිසැකයෙන් ම ඇති වෙන අතුරු ප්‍රශ්නය නම්, ඒ පිටසක්වල දෙයියාව මැව්වේ කවුරුන් ද යන්නයි!

එයට උත්තර නැත.

සර්වබලධාරී එකම එක දෙයියෙකු ඇතැයි අදහන ඒබ්‍රහාමික ආගම්වලින් ද, මහා බ්‍රහ්මයා සහ තවත් දුසිම් කිහිපයක දෙයියලා අදහන හින්දු ආදී ආගම්වලින් ද සහමුලින් ම වෙනස් වූ කිසිදු දෙයියා මාක් පරාණයක් හෝ ගෑවී නොමැති බුදු සමයට අයත් අපේ අයියලා සහ අක්කලා ද විවිධ අවස්ථාවල දෙයියන් සරණ යෑම මට නම් හරිම ලොල් සහගත තත්වයකි.

මා ගිය වසරේ ලියා පළ කළ "එළ හරකයි, මී හරකයි" ලිපියේ ඒ ආකාරයෙන් ලංකාවේ මහ ජනයාට කොකා පෙන්නමින් දෙයියන් සරණ යන දේශපාලුවන් පිළිබඳව ලිව්වෙමි.

මේ දෙයියා සරණ යෑමේ ලොල් ම ලොල් උච්චතම තත්වය නම්, පසුගිය දවස්වල අසන්නට ලැබුණු, විභාගයට මුහුණ දෙන්නට සැරසෙන උසස් පෙළ සිසුන්ට සෙත් පැතීම සඳහා අලියෙකු ගේ මූණත් තහඩුවක් සහ මිනිස් සිරුරක් හිමි ගණ නම් දෙයියෙකු ගේ සරණ ලබා දෙන ව්‍යාපාරයක් පිළිබඳ පැතුරුණු ආරංචියයි. එයට අනුග්‍රහය දක්වා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාළුවෙකු නිසා ඒ ලොල් කර්මය රජයේ වියදමෙන් පැවැත්වෙන්නේ දැයි සැකයක් ද ඇතිවුණි.

මේ මිථ්‍යා දෘෂ්ටික දෙයි රජාලාගෙන් සිංහල බෞද්ධයින් ගලවා ගැනීමට ශක්‍යතාවය සහ අවශ්‍යතාවය සහිත දේව දූතයෙකු දෙයියන් විසින් දෝ පසුගිය සියවසේ අග භාගයේ දී සිරි ලංකාවට එවන ලදී.

අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

ඔහු කවුද කියාත්, ඔහු කළේ කුමක් ද කියාත් පසුව ලිපියකින් බලාපොරොත්තුවෙන්න.

-රසිකොලොජිස්ට්

(http://loltheists.com/?attachment_id=662)

145 comments:

  1. මේ රසිකලා වගේ දෙබිඩ්ඩන්ටයි. රාජ්ලා වගේ විශ්වාසය භංග උන අයටයි අවබෝදයකින් තොර හේතුවාදි පඬියන්ටයි ඊයේ කන පැලෙන උත්තරයක් දුන්නා එකෙක් ඊයේ රූපවාහිනියේ යන මේ මිත්‍යා විශ්වාස පිළිබඳ වැස සටහනෙදි (හොයාගෙන බලන්න.)

    ඇත්තටම මේක අපේ දූපත් මානසිකත්වය වගේම මෙන්ටල් කේස් එකක්. අපේ හරක් හිතනව්නේ ලෝකේ ඉන්න උතුම්ම ජාතිය. ශ්‍රේෂ්ඨතම ඉතිහාසය සඟිස්කුරුතිය, භාෂාව, රට අරකය මේකය කියලා. මේකත් ඒ වගේම ලෙඩක් තමයි.

    ඌ කිව්වේ, අපි හිතාගෙන ඉන්නවා අපිට ගහන්න ජීවීන් කොට්ඨාශයක් මේ සක්වලේම නෑ කියලා. ඒත් මේ ලෝකේ තියෙන දේවල්වත් හරියට එක්ස්ප්ලේන් කර ගන්න බැරි අපි, නොදන්න දේ ගැන පොර ටෝක් දෙනවා සියල්ල දත්ලා වගේ.. ඔය විදියටම නෙමෙයි කිව්වේ. ඔය මම ඒකෙන් ගත්ත අදහස.

    නමුත් මේ කියමන සම්පූර්ණ ඇත්ත. අපිට ගහන්නට ජීවීන් නැත. බුද්ධාගම තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණි. දෙවියන් වහන්සේ බොරුය. බල්වේග හතරක් විතරක් හොයාගෙන හොයා ගත්ත නැති දෙවල් ගැන පොඅර ටෝක් දෙන අයත් කෙනෙකුට පිස්සෝ කියලා සලකන්න පුළුවන්. මොකෝ විජ්ජාත්මකව හොයා ගත් දේත් විජ්ජාවෙන්ම බොරු වෙලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. (වලිගය උඩ ඉඳගැනීමට අවශ්‍ය නැත) සියලු මිත්‍යාවන් ගැන මගේ සරළ මෙව්ව එක මෙච්චරයි.

      අපි, දැනට ඔප්පු කර ඇති දේවල් පිලිගන්නව. ඒ ගමන්ම පිලිගන්නව එසේ ඔප්පුකල දේවල් මෙන්ම තවමත් ඔප්පු නොකල දේවල්ද පැවතිය හැකි බව. (මනස විවෘතයි)(පැහැදිලියි නේ)

      හැබැයි කවුරුහරි බූරුවෙක් මොකක් හරි මගුලක් ගෙනල්ල කියනව නං ‍"මේක තමයි පරම සත්‍ය, හැබැයි මේක ඔය උඹල කියන විදියට ඔප්පු කරන්න නං බෑ" කියල, මට අනුව, ඌ සහ අපේ ගමේ ඉන්න බොරු හිල වෙච්ච කලුමුත්තා අතර වෙනසක් නෑ. (දෙකේ වෙනස පැහැදිලි ඇතැයි සිතමි)

      Delete
    2. මේ දෙබිඩි කතාව නම්, මා දෙබිඩි යන වචනයේ දන්නා අරුතෙන් මට අදාල නැත.

      දෙබිඩි දරුවන්, දෙබිඩි කෙසෙල් වැනි යෙදුම්වලින් අරුත් දැක්වෙන පරිදි දෙබිඩි යනු එක හා සමාන ඒකක දෙකක් එකට එකතු වී පැවතීමයි. සමහර විට එක හා ප්‍රතිවිරුද්ධ ඒකක දෙකක් එකට පැවතීමටට ද සමහරු දෙබිඩි යැයි කියති.

      මේ ලිපියට අදාලව සැලකුව හොත් දෙවියන් විශ්වාස නොකරන බව කියමනින් නිවසේ දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නෙකු දෙබිඩි පිළිවෙතක් ඇත්තෙකු ලෙස නම් කළ හැක.

      මා දෙවියන් ඇති බවක් විශ්වාස නොකරමි. එසේම සර්වබලධාරී හෝ ලපයි-සිපයි හෝ දෙවියන් රහසෙන් හෝ ඇදහීමක් නැත.

      කොටින්ම OMG යන්න කවුරුන් හෝ ලියා තියෙනවා දුටු විට එය මා කියවන්නේ Oh My Goat කියාය ය!

      Delete
    3. බොහෝම ස්තූතියී මහත්වරු දෙදෙනාටම මා ලියූ කරුණු සනාත කලාට...

      Delete
    4. මොකද්ද මේ මාතලන් කියන්නේ රාජ් සහ රසික ගැන. අපිටත් අවබෝද වෙන්න තව පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    5. මාතලන් කුමක් කියන්නේදැයි මට නම් නොතේරේ!

      මොකක්ද මෙහි ඇති දෙබිඩි බව? එකක් කියා වෙනකක් කිරීම මගේ නම් පිලිවෙල නොවේ.

      මාතලන්ව මට හැඳින්විය හැක්කේ මෑන් ඔෆ් මෙනි කන්ට්‍රාඩික්ෂන්ස් කියා ය. අප දෙදෙනා ක්‍රියාත්මක වෙන්නේ එකම වේව් ලෙන්ත් එකේ (සංඛ්‍යාතයේ) නොවේ.

      එය මට අවුලක් නැත. අප සියළු දෙනාම එක සේ සිතන අය වෙතොත් මේ ලෝකය මහා ඩල් ඇන්ඩ් බෝරිං ඒකාකාරී තැනක් වෙනු ඇත.

      මාතලන් ඊළඟට වශී බෝලයේ ප්‍රාතිහාර්යයන් ගැන ලිව්ව ද මම පුදුම නොවෙමි.

      ස්තුතියි!

      Delete
    6. මේ ලිපිය මිනිසා විසින් නිපදවනු ලැබූ සින්තටික් දෙයියා ගැන ය.

      Delete
    7. තේරෙන්නෙ නෑ, තේරුම්ගන්න ඕනත් නෑ. මාතලන්ගෙ ඔලුවෙ තියන මනස්ගාත හැම විටම නිවැරදියි කියල මාතලන් මාතලන්ගෙම තියරියට ඔප්පු කරනව. එච්චරයි!

      Delete
    8. ගන්න ගන්න එපා බොලල්ල වයසට යනකොට හැමෝම ඔහොම තමයි.

      Delete
    9. මේ නතිම ඇනෝ කිව්ව කතාව සහතික ඇත්ත.. දැන් රසිකලා රාජ්ලා පරලෝකේ ගැන මෙනෙහි කරනවා... ඉතින් බය වෙලා ඉන්නේ... හීනෙන් ගොක්කොල. සුදු ඉටිකොල පේන කොට මෙහෙම වෙනවා. අපි නම් මේ ජීවය කෙලවර කරන්නේ නිවනෙන් නිසා අවුලක් නෑ.

      දැන් එතකොට මේ මාතලන් ගොනා කියන්නේ ඌ නිවන් දැකලා ඉන්නේ කියලද..?

      ඔව් යකෝ තොපේ නිවන් මීටරේ අරගෙන වරෙන් මගේ ඕන තැනක ගහලා චෙක් කොරන්න..

      ගෝඩ් බ්ලෙස් යූ ඕල්...

      Delete
    10. පිළිගන්න මාතලසිරිබද්දන මහ රහතුන්.. හැක්..

      Delete
    11. බෑනෝ, අදත් නානවා නේද? කවද්ද බං ඔය නෑම කෙළවර වෙන්නෙ?

      Delete
    12. මාතලන්ගේ මාමත් මේවා කියෝනවද? වස ලැජ්ජාවයි

      Delete
    13. ජ්‍යෝතිෂ්‍යය වෙනුවෙන් පෙනී සිටියද මාතලන් දෙවියන් විශ්වාස කරන්නෙකු මාසිතා සිටියේ නැත. මට හිතෙනා හැටියට නම් මේ පෝස්ට් එක මාතලන්ට අදාලම නැත. නමුත් මේ තියෙන්නේ එක ආකාරයක මිත්‍යාවක් (මගේ අදහස අනුව) පිළිගත්විට ඊට අනුගතවන අනෙකුත් සියලු මිත්‍යාවන්ද පිළිගැනීමට සිදුවීමයි.

      ඒක හරියට මහින්දට සපෝර්ට් කරන්නවුන්ට (කොන්දේසි සහිතව එය කරන පුළු පිරිසක් හැර) ඒ සමගම දූෂණ, රාජ්‍ය ත්‍රස්තවාදය, පවුල්වාදය වැනි දේ ද වැරදි නැතැ‍යි පිළිගැනීමට සිදුවීම වගේය.

      Delete
    14. මාතලන් වරක් නිර්වාණයද විද්‍යාත්මකව ඔප්පු කළ යුතුයැයි කීවා නේද ? ඒ පැරඩි කතාවක්ද එතකොට -

      Delete
    15. රෝමාන්තික සින්තටික් සිහිනය යනු කුමක් ද

      Delete
  2. මිත්‍යා දෘෂ්ඨියෙන් බොදුනුවා ගලවාගැනීම අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්. මොකද මිත්‍යාව එන්නෙ ආගමික ස්වරූපයෙන්. උදාහරණයක් විදියට ජ්‍යෝතිෂ බුවාලාට අනුව "අපල" කියන්නෙ "අකුසල කර්ම". මේක අතීත ජ්‍යෝතිෂයේ තිබුන දෙයක් නෙවේ. මෑතකාලීනව අපේ බුවාල හදාගත්ත දෙයක්. මොකද මෙහෙම මතවාදයක් පතුරුවා හැරියම බෞද්ධයන් අල්ලගන්න ලේසියි. දෙවියන් උනත් එච්චරයි, බුදුදහමේ තියන දේව සංකල්ප අල්ලගෙන, අන්තිමට බුදුන්ට වැඩිය දෙයියො ලොකු කරගෙන.
    ඉතිං දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්න වෙන්නෙ (මිනිස්සු ගලවාගන්න වෙන්නෙ) නිර් ආගමික පසුබිමක ඉඳගෙන විතරයි. ඉතිං වැඩේ ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ පනසල් යන්නෙත් නැතෙයි කිව්වා නේද..? මොකෑ මේ කලබල වෙලා.. බුද්ධාගමට කවුරු හරි කෙලියට උඹට අමාරුවක් එන්න විදියක් නෑ නේ... මේන් මේකට තමයි කියන්නේ දෙබිඩි ප්‍රතිපත්ති කියලා.

      Delete
    2. මගේ කිසිම කලබලයක් නෑ. හැබැයි (සෝ කොල්ඩ්) භෞතිකවාදියෙක් විදියට ඉන්න උඹ තමයි ජ්‍යෝතිෂයට ‍ගල් වදිනකොට කලබල වෙන්නෙ. පන්සල් යන එවුන්, නොයන එවුන්, දෙය්යන්ට සහ ග්‍රහයන්ට වඳින එවුන් ගැන අපට පාන්ද බං? බ්ලොග් පෝස්ට් එකක, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ කමෙන්ට් කලා විතරයි.

      Delete
    3. මාතලන් අද රාජ්ගෙත් කලිසම ගලවයි වගේ, මමත් වැඩිපුරම දැකල තියෙන්නෙ මේ වගේ දෙබිඩ්ඩො තමයි!! මහා ලොකු විද්‍යාත්මක චින්තකයො, හැබැයි පොඩි කරදරයක් වෙච්ච ගමන් දේවාල ගානෙයි, කෙන්දරකාරයො පස්සෙයි දුවනවා. ඒත් කසාදෙ ඉඳලා, දරුවගෙ අකුරු කියවීම දක්වා ඔක්කොම නැකතට කරල තියෙන්නෙ. ඒත් කවුරු හරි ජෝතිෂය ගැන කතා කළොත් මිථ්‍යා මත කියල ගරහනවා.

      Delete
    4. කව් ද අනේ ග්‍රහයන්ට වඳින්නේ මම ඒකෙ තියෙන වැරදිත් කිව්වා ඒ වගේම කැළණිය කැම්පස් එකේ ඩිප්ලෝමා එකක් තියෙන එක ගැනත් කිව්වා. ඉතින් පිලි නොගන්නේ රෙද්දේ උපන් වෙලාව එවන්නේ මක්කටෙයි හඳහන බලන්නෙයි කියලා. ඕකේ වෙලා තියෙන්නේ මේකයි මම කියන්නම් ටක්කෙටම. පොඩි කාලේ හඳහන් බලපු දෙකයි පනහේ හඳහන් කාරයෙක් කියනවා රාජ් ඉගෙනගෙන ලොකු තැනකට යනවා කියලා. ඉතින් රාජ් ඒ තැනට ඇවිල්ලා තියෙනවා කේන්දරකාරයට සාපේක්ෂව. නමුත් රාජ්ට ඒ තත්වය මදි. ඉතින් රාජ්ගේ විශ්වාසය භංග වෙනවා. ඉතින් කේන්දර කාරයන් එක්ක විර බැඳගන්නවා. ඒ කියලා රාජ් හඳහන් විශ්වාස කරන එක නවත්තලත් නෑ. ඒ වගේම රාජ් සැඳහවත් බෞදහ්යෙක්. ඉතින් මේ වගේ එරියස් කවර් කර ගන්න තැනක් ආවම රාජ්ගේ වෛරය එලියට එනවා. රසිකගෙ වගේම. මෙතන කේන්දර වලට විරුද්ධව අදහස් දාපු හැම එකාටම වෙලා තියෙන්නේ ඕකයි. රසිකට ඊට මතරව මර්ණ බියත් තියෙනවා. රසිකට බුද්ඪ්Hආ ග්‍රේට්. ගෝඩ් ඉස් ගෝට්.. අනේ කාලේ වනවාසේ.. මුන්ට දෙබිඩ්ඩෝ නොකියා වෙන මක්කා කියන්නෙයි..

      Delete
    5. දීර්ග නිරීක්ෂනයකින් පසු මගේ නිගමනය.
      රොබර්ට් = මාතලන්

      Delete
    6. මේ අවසන් ඇනෝ රසිකය...

      Delete
    7. මාතලන් මෙන්න මෙහෙම අයත් ඉන්නවා. ඔවුන්ට ඔය දේ ගැන විස්වාස කිරීමට හේතුවක් නොතේරේ. වීමට හැකියාවක් ඇති යයි සිතිය හැකි නමුත් එය කුමක් නිසා වෙන්නේ ද කියා කිසිම හේතුවක් නැති නිසා විශ්වාසය නම් සීරියස් දෙය කිරීමට නොහැක. ඕනෙ දෙයක් වෙන්න පුලුවන් e.g. දැන් මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වේ රසික නොව ඔහුගේ වෙස් හා මනස ගත් ඒලියන් කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒත් ඒ වෙන්න තියන චාන්ස් එක ඉතා සුලුයි. ඒලියන් කෙනෙක් වෙන්න පුලුවන් කියන ඉතා රිමෝට් චාන්ස් එක මත අපි කමෙන්ට් කරන්නෙ නෑනෙ. අපි කමෙන්ට් කරන්නේ අපි දන්න රසික ලිව්වයි කියලා. ඉතා සුලු විය හැකි සම්බාවිතාවක් සියලු දෙයට තිබුනත් අපි වැඩ කරන්නේ විය හැකි කියන වැඩි සම්භාවිතාවක් මත. අපි සමහරෙකුට ඔය සාස්ත්‍රයන් විය හැකි කියන සම්භාවිතාව අඩුවෙන් හිතෙන්නේ ඕවට හේතු අපිට තේරෙන්නෙ නැති නිසා. එනිසා "විස්වාසය" නැමති ලොකු දෙය ගොඩනගන්න බෑ. හිතෙන්නේ ඇත්ත වෙනවාට වඩා නොවිය හැකි සම්භාවිතාව වැඩියි කියා
      විහිලු කරන්නේ නම් ජන්ම ගතිය නිසා (රේඛා/ග්‍රහ පිහිටීම නිසා වෙන්නත්/නොවෙන්නත් පුලුවන්, හෙහ්)අපි ඕවා ගැන විතරක් නෙමෙයි බොහෝ දේ ගැන විහිලු කරනවා

      Delete
    8. //මේ අවසන් ඇනෝ රසිකය...//

      හැක් හැක්..

      හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වලු..

      Delete
    9. දැන් මෙහෙමනේ ප්‍රා.... නීතිය පිළිබඳ තියෙන පොත පත හදාරලා ඒ පිලිබඳ දැනීමක් ඇතිව විභාග සමත් වෙලා ප්‍රා වරලත් රැකියාවක් කරනවා. ඒ කියන්නේ නීතිය කියන දේ අල්ලන්න බැරි උනාට එහෙම දෙයක් තියෙනවා. ඒක හරිද වැරදිද කියන එක සාපේක්ෂ දෙයක්.

      එතකොට ජෝතිෂය ගැනත් පොත පත තියෙනවා ඩිප්ලෝමා තියෙනවා ඩිග්‍රී තියෙනවා ඒ පිලිබඳ ගැඹුරටම හදාරපු අය මේ දෙකයි පනහේ හාල්පාරුවෝ හෙවත් ගොඩ පෙරකදෝරුවෝ කරන වැඩ කරන්න යන්නේ නෑ. ඒ මිනිස්සු ලෝකෙට රටවල් වලට අනාවැකි කියන්න යන්නේ නෑ. මම දැනට ඉගෙන ගත්ත අංශූ මාත්‍රයෙන් මට අවබෝධ වෙච්චි දේ තමයි මේක මේ අනාවැකි කියන්න පුළුවන් දෙයක් නොවෙයි කියන එක. නමුත් ඕනෑම පුද්ගලයෙක් පිලිබඳ නිවැරදි දැක්මක් අති කැඩපතක්.

      දැන් ඔය අළුත්කඩේ ගියාම රුපියල් 500 ට අපි වේවෙන් නීතිය කතා කොරන්න ඉදිරිපත් වන අයත් ඉන්න්වා. ලක්ෂ කෝටි ගනන් ගන්න උනුත් ඉන්නවා. කොයි ක්ෂේස්ත්‍රයත් ඒ වගේ. ආන් ඒ සිම්පල් දේ ඔහේලට තේරුම් ගන්න බෑ. එක්කෝ තෙරුනත් මම අර කියපු ඉච්ඡා භ්ංගත්වය නිසා මේ ගැන වෛරයකින් ඉන්නවා. හරිය උසාවියට වෛර බඳින මිනිස්සු වගේ. ප්‍රාට වෙලා තියෙන්නෙත් මේ දේ නොතේරෙන එක නෙමෙයි. ජීවීතේ රිද්මයානූකූලව ගලාගෙන යන්නේ නති නිසා. බ්ලේම් එක කාට හරි දානවා. එකයි.



      Delete
    10. //මේ අවසන් ඇනෝ රසිකය...//

      තෑන්ක්ස්! යලි යලිත් ඔප්පු කරමින් සිටිනව....

      Delete
    11. ප්‍රාජේ, මට ඇත්තටම ඔබතුමාගෙ ප්‍රශ්නෙට සෑහෙන උත්තරයක් දෙන්න බෑ. සරලව කිවුවොත් මේ රේකාව හින්දම මේක වෙන්නෙ , මේ ග්‍රහයම හින්ඩ්ග මේක වෙන්නෙ , ඇයි ඒකෙන්ම මේ ශේ වෙන්නෙ කියන එක විද්‍යාත්මකව ඉදිරිපත් කිරීමක් ඔබ තුමාගෙ බලාපොරොත්තුව.
      ඇගිලි සලකුණ එකිනෙකාට වෙනස් කියල විද්‍යාත්මකව ඔප්පු කරල තියනව , එමනිසා අත්ලේ තියන රේකා ඊටත් වඩා සංකීර්ණ විදිහට වෙනස් කියන එක විතරක් කියන්ඩ කැමතියි. තර්ක කරන්ඩ දෙයක් නෑ

      Delete
    12. දැන් බලන්න පින්වත්නි මාතලන් බැබලෙන ආකාරය. ඊට උඩින් රසික දැමු කොමෙන්ටුව කාටවත් පේන්නේ නෑ. මොකෝ රසික එන්නේ ඇමීබාවෙක් වගේ ඇනෝ නිසා.. එත මාතලන් ඒ අභීත දුටුගැමුණු කුමාරයා වගේ පේස් ටූ පේස් එන නිසා රාජ්ලත් හොලමන් වෙලා පොඩි ත්‍රිල් එකක් ගන්නවා... මේ පිනම මදිද අප්පා නිවන් දකින්න..

      ගෝඩ් බ්ලෙස් යූ ඕල්...

      Delete
    13. //මේ අවසන් ඇනෝ රසිකය...//
      නෑ බොල ඒ මම, ඇනෝ

      Delete
    14. //දැන් බලන්න පින්වත්නි මාතලන් බැබලෙන ආකාරය. ඊට උඩින් රසික දැමු කොමෙන්ටුව කාටවත් පේන්නේ නෑ. මොකෝ රසික එන්නේ ඇමීබාවෙක් වගේ ඇනෝ නිසා.. එත මාතලන් ඒ අභීත දුටුගැමුණු කුමාරයා වගේ පේස් ටූ පේස් එන නිසා රාජ්ලත් හොලමන් වෙලා පොඩි ත්‍රිල් එකක් ගන්නවා... මේ පිනම මදිද අප්පා නිවන් දකින්න..//

      හිනාවෙයන් පුක හිනාවෙයන්! (පුක යනු කුනුහබ්බයක් නොවේ-කකා)

      Delete
    15. @ Anonymous 26 August 2016 at 16:38

      කිසිත් නොකියමි! කවර පලක් ද?

      Delete
    16. මාතලන් , ඔබ කියනදේ මට හරියට නොතේරේ. මා කියා ඇත්තේ ඔබේ සාස්ත්‍රය බොරුවක් කියා නොව එය විස්වාස කිරීමට හේතු මට පෙනී නැත කියා පමනි. බොරු හඳහන්කරුවන්ගේ ගොඩට මා ඔබ දැම්මේ නැති අතර "අවිස්වාසකරන්නන්"ගේ ගොඩට මා වැනි "විස්වාස කිරීමට නොහැක්කෙක්" නොදමන ලෙස ඉල්ලා සිටිමි. දෙකෙහි වෙනසක් ඇත.
      //ජීවීතේ රිද්මයානූකූලව ගලාගෙන යන්නේ නති නිසා. බ්ලේම් එක කාට හරි දානවා. එකයි.//
      මං එහෙම කලේ නෑනෙ මෙතන. මගේ මිස්ටේක්ස් මගේ මිසක් හඳහනේ කියල දාන්න බැරි එකමනෙ මට තියන ප්‍රස්නෙ

      Delete
    17. අපේ බෑනා පොඩිකාලෙ ටිකක් විතර දොරක හැප්පිලා තියෙනවා. ඕක කේන්දරේ පෙන්නුම් කළේ නෑ නොවැ මහත්තයෝ. දැක්ක නම් මම දුව නෙවෙයි දෙන්නෙ ඕකට ඉලපත!

      Delete
    18. මාතේ, දියං බෝතලයක්. උඹට දුටුගැමුණු වෙන්න චෑන්ස් එක අරං දුන්නට

      Delete
    19. ප්‍රාට සිංහල නොතෙරේ යැයි මම නොසිතමි..

      ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමට නොහැක. ඒ කියා ඉබි මස් රසවත් ආහරයක් නොවේ යැයි මම නොකියමි.

      හඳහන් වලට බනින්නේ හඳහන් ගැන නොදන්නා අය හෝ විශ්වාස නොකරන අය නොවේ. ඔවුන් නිහඬය. ඒ ගැන හඬක් නගන්නේ මක්කා හෝ කේස් එකක් හෝ එරියස් එකක් ඇති උන්ය.

      Delete
    20. @ රාජ් 26 August 2016 at 13:56

      දෙමව්පියන් බුදු දහම පිළිගත් නිසා හෝ හැදුණු වැඩුණු පරිසරය නිසා හෝ ජාතිල අධ්‍යාපන පො.ස. විභාගයට බුදු දහම විෂයයට විශිෂ්ඨ සාමාර්ථයක් ලැබුණු නිසා හෝ නොවුණත් මා නම් බුදු දහමට කැමතියි.

      එයට ප්‍රධාන හේතුව දැඩි රාමුවක් නොතිබීම සහ ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමට නිදහස තිබීමයි.

      නිර්ආගමික කියන සංකල්පය හොඳින් ගැලපෙන්නේ ඒක දේව හෝ බහු දේව ආගම් "අදහන" අයට මිස බුදු දහම පිළිගන්නා අයට නොවෙයි කියායි මගේ අදහස. මාත් පන්සල් යන්නේ එක්කෝ සදුලා මේ පන්සලෙන් ඒ පන්සලට ට්‍රාන්ස්පෝර්ට් කරන්න වුණොත් හෝ කාගේ හෝ ඥාතියෙකු මිය ගොස් බණක් වගේ නොයාම බැරි හේතුවක් යෙදුණොත් විතරයි!

      https://rasikalogy.blogspot.com/2016/06/same-there-same-here.html

      දෙයියන් නම් මට අරහං!

      .

      Delete
    21. මාතලන් , මං නම් බැන්නේ නැත ( බනින්නත් තේරෙන්න ඕනෑ) . විස්වාස කිරීමට හේතු නොතේරේ කියලා විතරයි මන් පුද්ගලිකව කියන්නේ. ඇරියස් ඇතිවෙන්න තරම් මා ඒවා සමහ ක්‍රියා කර නැත

      Delete
    22. ප්‍රා ආයෙත් සෙට් උන දවසක මම මේ ගැන පොඩි බ්‍රීෆින් එකක් දෙන්නම්.. එතනින් පස්සේ මේ ගැන තමන්ටම හොයාගෙන යන්න පුළුවන්. මාත් උන්නේ ඔබ ඉන්න මතයේම තමයි. ඒත් මම චෙන්ජ් වෙන්න හේතුව මම කලින් කියලා ඇති. එතෙක් ඔබෙන් සමුගන්නා මා ඔබේ හිතවත්.

      මාතලන්

      Delete
    23. කොමෙන්ට් දමන වේලාව ඉතා නිවැරදිව සටහන් වන බැවින්, එය භාවිතාකර කොමෙන්ට්කරුවා සොයාගැනීමේ තත්කාල ශාස්ත්‍රයක් නිර්මාණය කිරීමේ හැකියාවාක් ඇත්නම් බ්ලොග් ලෝකයට ඉතා යහපත් වනු ඇති බව මට සිතේ.

      Delete
  3. මාතලන් ගොයියා කියන ඒවායේ කිසිම කන්සිස්ටන්සි එකක් නැහැයි කියල හිතෙන්නේ මට විතරද? ලඟදි බුවාගේ ෆේස් බුක් අකවුන්ට් එක බැලුවම හිතුන දෙයක්

    ReplyDelete
    Replies
    1. Man of many contradictions.

      There is nothing wrong with that. The world is a quite diverse place and that is the way it ought to be. Otherwise this will be a dull, boring, monotonous place.

      Delete
    2. මේ ලිපිය මිනිසා විසින් නිපදවනු ලැබූ සින්තටික් දෙයියා ගැන ය.

      Delete
    3. Is quite a diverse place නේද?

      Delete
    4. මාතලන් බුකියේද ෆලෝ කිරීම ගැන බොහෝම ස්තූතියි... මක්කටෙයි අනේ පිස්සෙක් කියන ඒවා බලන්නේ... මේ රසිකලාගේ රාජ්ලගේ ඒවා විතරක් බලන්නකෝ.. මාව අන්ෆ්‍රෙන්ඩ් කරලා දාන්න අවුලක් නෑ පන්දාහකට කිට්ටු පිරිසක් ඉන්නවා..

      ගෝඩ් බ්ලෙස් යූ ඇන්ඩ් රසික බෝත්...

      Delete
    5. බෑනා, නාන්න නම් නාන්න බෑනා
      බෑනා, නොනා නොනා නේන්න බෑනා....

      Delete
    6. මාතලන් පරස්පර අදහස් කීම විනෝදයට කරන වැඩක්. එහෙම නැතුව මිනිහට මානසික රෝගයක් තියෙනවා වෙන්න බැහැනේ.

      Delete
    7. කව්ද බන් ෆොලෝ කරනවා කිව්වේ? මැක්කෙක් ගිය උඩ.
      එළු පිහිටයි ඔබටත්

      Delete
  4. කෝ දැං හැබෑට දෙයියා.. මාතලංද?? හැක්..

    ReplyDelete
    Replies
    1. දෙයියා යනු මිනිසා විසින් මවා ගත් භූතාර්ථයකි!

      Delete
    2. නිවනද එසේමය රසික උපාසක...

      Delete
  5. මාතේ, දෙයියා පල් වෙලාද...........??

    ReplyDelete
    Replies
    1. පාසල් කාලේ විහිළුවක්...!!!

      Delete
    2. ආයිත් වලියක් වගේ?

      Delete
  6. ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් වගේ තනි දෙවි සංකල්ප තියන ආගම්වලට හිනාවී තමන්ට ඉතා උසස් ආගමක් ඇතැයි කියා සිටින බෞද්ධයන් තමන්ට බුද්ධිය ලබා දෙන ලෙස මීයෙක්ගේ පිටේ යන අලි ඔලුවක් ඇති දෙය්යෙක්ට යාඥා කරනවා.



    හැබැයි දෙයියන්, හඳහන්, හස්ත ශාස්ත්‍ර විතරක් නෙමෙයි බූත පිල්ලි පෙරේත වාලම්පූරි ෆෙන්ශුයි හෝ ඕනෙ මගුලකින් තමන්ට හරි යනවා කියා විස්වාස කරන්න පුලුවන් නම් එයින් මානසික සහනයත් සහනයෙන් මානසික ශක්තියත් ඒ ශක්තියෙන් කරන දේවල්වලට බලපෑමකුත් ලැබිය හැක.
    ප්‍රශ්නේ තියෙන්නේ මේවා විස්වාස කිරීමට මට ඇති නොහැකියාවයි. අඩු ගණනේ 50% වත් චාන්ස් එකක් ඇතැයි සිතා ගත හැකිනම් උත්සාහවත් කල හැක.

    ReplyDelete
    Replies
    1. ප.ලි.
      අපි (අපි කොහොමවෙතත් මං කියමුකෝ ) ආගම , දේශපාලනය, නීතිය, මෙඩිසින්, ආකිටෙක්චර්, ඉන්ජිනේරු, කාර්මික, කලාව, ක්‍රීඩාව, දන්ත විද්යාව, බ්ලොග් කලාව, ආදී සියලු විෂයයන් ගැන හා අනුන් ගැන හා මං ගැනම ජෝක් කරනවා.

      ඒ ගැන සමහර ආගම්වාදීන් හැර අනිත් වෘත්තිකයන්ට තරහ යන්නේ කලාතුරකින්. මට ලඟදි තේරුනා ජෝතිශවේදීන් හා හස්තශාස්ත්‍රවේදීන්ට ඔවුන්ගේ විෂයයන් ගැන ජෝක් වලට තරහා යාමේ ප්‍රවණතාවය වැඩියි කියලා. එයට විෂය හේතුවක් තිබේද? එසේ නැත්නම් මගෙ රේඛාවල හෝ ග්‍රහයන්ගේ දෝසයක්ද?

      Delete
    2. තේජ අසමාන බලධාරි දෙවියන් පවා
      දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා
      දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
      ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ
      ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැඳී
      උන්නු එ් යුගය අවසන් ද මගෙ ලොව බිඳී

      :D :D

      Delete
    3. ඒත් මේ පොර ටෝක් දෙන ප්‍රාත් පන්සල් යනවා... දන් දෙනවා.. බණ අහනවා..

      නොකර බැරි නිසා එහෙම කරනවා කියා ෂෙප් වෙනවා...

      ඒ කතා ඇහුවාම

      මට පුකෙන් හිනා යනවා..

      Delete
    4. //ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් වගේ තනි දෙවි සංකල්ප තියන ආගම්වලට හිනාවී තමන්ට ඉතා උසස් ආගමක් ඇතැයි කියා සිටින බෞද්ධයන් තමන්ට බුද්ධිය ලබා දෙන ලෙස මීයෙක්ගේ පිටේ යන අලි ඔලුවක් ඇති දෙය්යෙක්ට යාඥා කරනවා.//
      තනි දේව සංකල්ප....එවුව දැන් අතීතයට සීමා වෙච්චි දේවල් විතරයි. අලුතෙන් සාන්තුවරු එකතු වෙනව ඕසෙට. පන්සල පල්ලිය වෙන්කරගන්න පුළුවන් වෙන්නෙ දාගැබෙන් විතරයි. "අල්ලහුඅක්බර් " කියන්නෙත් පිරිත් කියන තාලෙට . තාලෙට කිවුවත් දැන් එයාගාවට කෙලින්ම යන්ඩත් බැරිලු.

      Delete
    5. ප්‍රාජේ , මගේ චන්ද්‍රයා රවි ගහයා සමග එකම රාශියක සිටින හෙයින් කිසිම වාදයකදී හෝ තර්කයකදී තරහා යෑමක් නැත . පාඨකයා නොමග යවන සුළු ප්‍රකාශ කරමින් අත පෙන්වා සාත්තරයක් ඇසීමෙන් මග හැර නොයන්න. රසික මෙන් නොබියව ඉදිරිපත් වෙන්න .

      Delete
    6. /සමහර ආගම්වාදීන් හැර අනිත් වෘත්තිකයන්ට තරහ යන්නේ කලාතුරකින්. මට ලඟදි තේරුනා ජෝතිශවේදීන් හා හස්තශාස්ත්‍රවේදීන්ට ඔවුන්ගේ විෂයයන් ගැන ජෝක් වලට තරහා යාමේ ප්‍රවණතාවය වැඩියි කියලා./
      අත්දැකිම් අඩු වෘත්තිනයන්ටත් මේ කතාව අදාලයි. අත්දැකිම් බහුල වෘත්තිකයෝ දන්නවා වෙරියබල්ස් වෙනස්වෙන කොට ප්‍රතිපලය වෙනස් වෙනව ඒකට අඬල පලක් නෑ හිනාවෙල හිටියාම ස්ටෙස් අඩු වෙනවා කියල, එත් අන්ද විශ්වාස මත පදනම් වුණු අය හිතන්නේ එක්කො දෙය්යෝ එයාලට කෙලෙව්වා, එහෙම නැතිනම් තමුන්ගේ නොහැකියාව කියලා, ඉතින් මලම පනිනවා.

      Delete
    7. ඔබගේ හස්ත මරණ තර්ජන වලට කුමක් සිදු වීද? මගේ උගත් මිත්‍රයණෙනි

      Delete
    8. බලු කපුටු දානයක් දීල වැඩේ ගොඩින් බේරගෙන දේශො .හැක්

      Delete
    9. / "අල්ලහුඅක්බර් " කියන්නෙත් පිරිත් කියන තාලෙට / ඔය තාලය(?) බුද්ධාගමේ පිරිත් වලටත් පරණ එකක්, යෝගා වලදී උගන්නනවා “ඕම් ....“ එයාල කියන්නේ පොලවේ අනුනාදයට සමාන සංඛාත වගේ හරුපයක්,

      Delete
    10. @ ඇණයා

      රසිකට සිඳු වී තිබෙන්නේ එකයි... මේ පිලිනොගන්නේ යැයි කියනා දේ වෙනුවෙන් ලිය වුනු 3 වන පෝස්ටුවයි... ඉදිරියේදි තවත් ඒවා පැමිණිය හැකියි...

      Delete
    11. නැත බොස්. පන්සල් යනවා පන්සලේ චිත්‍ර ගොඩනැගිලි අලි බල්ලො බලන්න හෝ කාව හරි එක්ක ගෙන යන්න. පූජා වයසක කෙනෙක් හෝ පොඩි ලමයෙක් මලක් හඳුන් කූරක් දුන්නොත් ඒක තියනවා. තනියෙන් නම් නෑ.
      අනුන්ගේ දාන බණ වලට සහභාගී වී ඇතත් අනාථ නිවාසයකට හැර මං දානෙ දී නැත. වාහනයක යනකොට විනාඩියක් දෙකක් හැර හරියට කවදාවත් බණ අසා නැත. දැන් ඒකත් වෙන්ඩෝල් බණ. ෂේප් වෙන එක ඇත්තය. ඒත් ඒ ඔබ අසන දේවලින් නොව ආගම් අදහන සමීපතයන්ගේ, විශේෂයින් වයසක අයගේ, හිත නොරිදවීමට ඔවුන් කරන දේට සහබාගී වී ශේප් වීමය.එය ගැන මටත් හිනාය.
      ඔබට නොතේරෙන දෙය නම් මෙය මා කියන්නේ පොර ටෝක් පුරසාරමක් ලෙස නොව මට මේවා විස්වාස කිරීමට ඇති නොහැකියාව නිසා බවය. විස්වාස කිරීමට හැකිනම් සමහරවිට මට මීට වඩා සාර්තක දිවියක් සතුටෙන් ගතකල හැකි විය හැක.
      ඒත් විස්වාස කිරීමට හේතු නොපෙනේ නම් හෝ විස්වාස කිරීම ට නොහැකිනම් කුමක් කරන්නද?
      සමහරවිට පස්සෙ මට හේතු පෙනිලා විස්වාස කරයි. විස්වාසය යනු ලේසියෙන් නොකල හැකිදෙයකි. බලන්න - විස්වාස නොකරන අය ඇත්තටම සිටින්නේ යයි ඔබ විස්වාස නොකරයි !!

      Delete
    12. ඇණයා, ඔය තරහ යෑම ගැනනම් කියන්න තියෙන්නෙ වෙන දෙයක් , අභියෝගයකට බයේ පලා යාමක් , මම නම කිසිම තැනක තර්ජනය කර නැත, අත පෙන්නන මෙන් අභියෝග කර ඇත..
      "ඕම් " ශබ්දය ගැන , යෝග ගැනත් ඉගෙනීමට ආසාවක් කලක පටන් ඇත. ඔය පිරිත් කියන තාලෙට " අල්ලහුඅක්බර් " කියන්ඩ හදන එජ අපි මාලිගාවත්තෙ ඉදන් අහන් ඉන්න එකක් , ඒකෙනම් මම වරදක් කියන්නෙ නෑ , යටිගිරියෙන් කෑ ගහනවට වඩා පොඩ්ඩක් හොදයි.

      Delete
    13. ඉතින් ප්‍රා ඔහොම යන ගමන් ක්‍රිස්තියානි පල්ලිවලටත්, හින්දු කෝවිල් වලටත් යන්න. ගිහින් හිනා වෙන්න.. මාත් හිනාවෙනවා.. ඒත් පස්සෙ ඒ ගැන හොයනවා.. ප්‍රශ්ණ කරනවා..

      මම කැමතියි ප්‍රාගේ මේ ප්‍රශ්ණ කිරීමට...

      Delete
    14. ජින්තුපිටියේ වුල්ෆෙන්ඩාල් එකට ( කරපු වැඩේ ගැන පේපර් එකක් තියනවා පස්සෙ එවන්නම්) හා කොල්ලුපිටියෙ ස්කොටිශ් කර්ක් එකට හා වාද්දුවෙ පන්සලට ලඟදිත් ගියා. හිනා යන්නෙ නෑ. පන්සල් පල්ලි කෝවිල් යන්නේ ඉතිහාසය, ගෘහනිර්‍මාණය ආදී දේ සඳහා. එයට අමතරව සංසන්දනාත්මක ආගම් හදාරන්න කැමතියි. ගුප්ත විද්යාත් එහෙමයි. සමානකම් අපි හිතනවාට වඩා තියනවා. ප්‍රශ්නෙ තියෙන්නේ ඔය ඔක්කොම මට පිටින් හැදෑරීම් විතරයි. "විස්වාසය" හෝ "අවිස්වාසය" යන ඇතුලෙන් එන එකක් මට නෑ. ඒක බලෙන් හදා ගන්නත් බෑ එයින් බෙනිෆිට් පුලුවන් කියලා හිතුනට

      Delete
    15. ප්‍රා ජේ-

      මගේ අදහස නම් බුදු දහම යනු ආගමක් නොවන බවයි. එය ආගමක් කරන්නට සාර්ථක උත්සාහයන් විවිධ පිරිස් පසුගිය සියවසක පමණ කාලයේ අරගෙන තිබුණත්, බුදු දහමේ ඇති නිදහස් බව නිසාම, තවමත් බුදු දහම පිළිගන්නා, එය ආගමක් ලෙස නොව ජීවන දර්ශනයක් ලෙස උපයෝගී කර ගන්නා පිරිස් බහුලව සිටිනවා.

      සමහර විට දැන් සිදුවන ධ්‍රැවීකරණය නිසා ඒ තත්වය ක්‍රමක්‍රමයෙන් අගතියට යනවා විය හැකියි.

      මේ ලිපිය මා ලියුවේ ඕස්ට්‍රේලියානු ඡන්දය අවසන් වූ කාලයේ යි.

      මේ ආරම්භයේ අවසානයන් තුනක් තියෙනවා.

      එකක් පෙර කී ඕස්ට්‍රේලියානු ඡන්දයට සම්බන්ධයි. අනික මගේ පහත ලිපියට සම්බන්ධයි.
      https://rasikalogy.blogspot.com/2016/08/end-of-world.html

      තුන්වැනි හේතුව සති දෙකකට ඉහත සිනුවර දී ප්‍රසංගයක් නරඹද්දී මට ආ සිතුවිල්ලක්.

      ඒ සියළු විස්තර පසුව.

      හස්ත රේඛා පලාපල ලිපිය සහ එහි පසු කතාව ගැන පෙර කතාව මින් පෙර ලියා තියෙනවා. ඒ ලිපි සහ මෙය අතර සම්බන්ධයක් කලින් තිබුණේ නෑ. දැන් වහා ගොස් සමන්බන්ධයක් යෙදිය යුතුයි!

      Delete
    16. මම නම් කිසි දෙයක් ගැන විශ්වාස කරන්නෙත් නෑ විශ්වාස කරන්නත් බෑ. විශ්වාස කරන එකම දේ මේ ලොව වෙනස් නොවනා එකම දේ වෙනස් වීම පමණමයි කියන දේ. නමුත් අද ඉන්න ඉස්පැසොලිස්ලා පවා දෙමාපියන්ට උපදෙස් දීලා වෙලාවක් බලාගෙන එන්නෙයි කියලා ඒ වෙලාවට බඩ කපලා ළමයි එලියට ගන්න එක. මෙහෙම ගන්න අය අතරේ මගේ හිතවත් බෞතිකවාදියෝ වැහි වැහලා. ඇහුවාම කියන්නේ මෙහෙමනේ මචෝ වයිෆ්ගේ කැමත්තනේ කියලා. ඒත් ඉතින් කරුමේ කියන්නේ වයිෆ් බඩින් නිසා හොඳ වෙලාවක් බලා යන්න යන්නේ අර පට්ට බෞතිකවාදියාම වීම. එතනදි නම් ඔය ඔක්කෝම ග්‍රහයන්ට වඩා වයිෆ් බලවත් කියන එක නියමෙටම ඔප්පු වෙන්වා. නත්නම් ඉතින් හොඳවයින් දෙකක් ගෑනිටත් කියලා (බය නැති උන් කියන්නේ ගෑනී කියලනේ) ඔන්නොහේ හම්බ වෙන වෙලාවක හම්බ වෙයි එතකන් තටම තටම ඉඳහන් යකෝ කියලා කියන්න බැරියෙයි නේ ප්‍රා...

      Delete
    17. රසික,
      බුදුදහමේ දර්ශනය වගේම ආගමික පැත්තකුත් තියනව. බුදුන් පෙන්නපු පාරෙ යනව නං-මම කියන්නෙ නිවනට, ඉන් මෙහා පන්සිල් රැකගෙන ඉඳීම නෙවේ- ආගමික කෑල්ලත් අරගෙනයි යන්න වෙන්නෙ. උදාහරණයක් විදියට ශ්‍රද්ධාව නැතුව බෑ. ඒ නිසා මම නං ඒ කතාවට විරුද්ධයි.

      Delete
    18. @ රාජ්

      නිවන් යනකොට ටෝච් එකකුත් අරගෙන යන්න ඕනද බං.... මම මේ ගොන්කමට ඉතින් අහන්නේ.. උඹ දන්න එකා නේ පෝඩ්ඩක් කියලා දියන්කෝ.. අනේ බං උඹටත් වෙන වැඩ.. පන්සල පැත්තේ යන්නේ නෑ කිව්වට. පන්සල් පාලුවෙක්ද කොහෙද මේකා..

      ඉතින් රාජ් රසික දැක්කොත් කියන්න අර පහල තියෙන කොමෙන්ට් එක මම දැක්කා කියලා.. එයාට සම හරක් විට ඒ වගේ ඒවා පේන්නේ නෑ.. මාරයි නේ රාජ්... තුන් තිස් පැයේම තමන්ගේ බ්ලොග් එකේ ඉන්න එකෙකුට එහෙම පේන්නේ නෑ කිව්වම.

      Delete
    19. මාතලන්ගෙ අවුල මාතලන් හිතනව තමන් අහන දකින අල්පයෙන් සියල්ල පැහැදිලි කරන්න පුළුවන් කියල. නමුත් උඹ හිතන්නෙ නෑ උඹේ සීමාවෙන් පිට යමක් තියනව කියල. මෙතනත් එහෙමයි.

      මම බුදුදහම ඉගනගෙන තියනව යම් තරමකට. රසිකගෙ දර්ශන කතාවට උත්තර දුන්නෙ ඒකයි. ඒකට මම බෞද්ධයෙක් වෙන්න ඕන කියල හිතීම උඹේ වැඩක්. පන්සල් යාම ගැනත් එච්චරයි. මම ගිය සතියෙත් පන්සලට ගියා. මොකද අපි ආගම් අතහැරියට අපේ ගෑනු ආගමිකයිනෙ. හැබැයි පන්සලට ගියා කියල අමුතුවෙන් ඌව වෙන්නෙ නෑ මචං. කොටින්ම ආගම මගේ නං තියෙන්නෙ හිතේ. ඇඟේ නෙවේ. මම හිතින් නිර් ආගමිකයෙක්. එච්චරයි

      Delete
    20. ඔය මාතලන් කියනවා වගේ වැඩක් මටත් වුණා. මම පන්සල් යෑම අත හැරලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා. ඊයේ පෙරේදා අපේ නන්ද කෙනෙක් නැතිවුණා . මට යන්න බැරිවුනා අවමඟුලට. ඉතින් අම්මා කිව්වා දානයක් දෙන්න කියල ගෙදර. අම්මා කියන එක අහක දාන්න බැරි කමට දුන්නා දානේ . දැන් හාමුදුරුවෝ මාසෙකට තුන හතර වතාවක් කෝල් කරනව එන්න කියනවා. ඉතින් මොකද කරන්නේ.

      Delete
    21. නිවන් යන්න ඒච්චර කරදර වෙන්න ඕන නෑ, මැරුනට පස්සේ උපදින්න තියන ආසාව අතෑරල දාන්න, මැරුණාම එතෙනින් ඉවර බව තේරුම් ගන්න, ලෝකයේ බොහොම දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. සිද්ධාර්ථ ගෞතම කළෙත් ඒක වෙන්නෝන,

      හැබැයි මැරුණට පස්සෙත් ජීවත් වෙන්න තියන ආශාව අතාරින්න කියන්නේ හැරෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙන්න තියන ආශාව නැතිකරගන්න එකට නම් නෙවෙයි, ජීවිතේ විඳින්න, උපරිම ෆන් ගන්න, හැමෝටම උදව් කරන්න, පන්සල් වලට හාමුදුරුවන්ට සල්ලි දීලා අවුරුදු 2500 පැරණි මහා වංචාවට තවත් උදව් කරන්න එපා.

      Delete
    22. ඔහ් ඉස්සරහ දොරවල් වහලා, ඇතුලේ අය නෙගොසියේෂන් ටේබල් එකට වාඩි වෙලාද?

      Delete
  7. ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    කෙතේ වැටේ නැත දෙවියෝ
    දේවාලේ නැත දෙවියෝ
    ඒ දෙවොලේ මං දෙවියෝ ……

    දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
    දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ
    දෙව් සැපත් කියා පරාඹු සේවනේ
    පතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ..

    දෙවියත් කිරිදියෙන් අඟුරු
    අඟුරු අඟුරු මැයි සුමිතුරු
    දිවියත් කෙලෙසින් නිරතුරු
    දෙවියොත් සුදු නොවෙයි මිතුරු…

    අලුත් සහල් කාසි පඬුරු
    ඉටිපන්දම් අගිල් කපුරු
    සඳුන් සහල් ගිතෙල් වෙඬරු
    අඹ දඹ අන්නසි පළතුරු

    ලාබායී ගජ ලාබායී……

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ
      නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ

      අපිත් එක්ක හිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ
      මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ..


      අපි හරි පව් නේ බං...

      Delete
    2. ඒක ඇත්ත පත්තර මල්ලී, සේරම බිස්නස් එකක්.

      Delete
  8. ඔබ දකින්නේ මා දකින ලෝකයමද? ඉකොනොමැට්ටා පොස්ටුවට අදාල නැත, කොමෙන්ටු වලට අදාලයි,

    ReplyDelete
    Replies
    1. ලිපියටත් අදාලයි, ඒකනේ මාතෘකාව දැම්මේ මගේ දෙයියා සහ උඹේ දෙයියා කියලා!

      Delete
  9. මාතලන් කියන්නේ ක්‍රිස්තියානි බුවෙක්ද? දෙවියන්ට බනිනකොට පොඩ්ඩක් අවුල් ගිහිල්ල නිසාද මේ කේස් එක?

    ReplyDelete
    Replies
    1. මාතලන් බෞද්ධ ක්‍රිස්තියානි ඇන්ග්ලිකන් හින්දු ඉස්ලාම් යොහෝවා කතරගම ගණ පත්තිනි යුදෙව් විශ්ණු කඩවර කාලි රාමා සිතා රාවණා ශිව එකි මෙකි නොකි සියල්ලටම අයත් විශ්වයේ එකම එක ජීවයක් පමණි..

      Delete
    2. මොකා උනත් පට්ට ගොබ්බ කතානම් ගොඩාක් කියල තියෙනවා. පුක ඉරිලා ගියා ඒවා කියෝලා. මචන් ඩෙසර්ට් එකට බ්ලොග් ලිව්වට අවුලක් නැ. මේ වගේ ආතල් නොදී ඉන්නවද?

      Delete
    3. මම මගේ මතය පළ කළෙමි. මාතලන් ඔහු ගේ මතය පළ කරයි.

      Delete
  10. //එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!//
    රසික නියම තැනට ඇවිත් , ඇත්තටම ඕක තමයි. විශ්වයේ ශක්තිය මගින බිහිඋන ජීවීන් තමයි මේ දෙවියා නිර්මාණය කලේ, විශ්වයේ ශක්තිය ,බලපෑම මත ඇතිවූ දේවල් විශ්වයේ බලපෑමෙන් සිදුවන බලපෑමට බයෙන් මවාගත් සර්වබලධාරි දෙවි කෙනෙකුගේ පිහිට පතන්න ගත්ත නමුත කාලාන්තරයක් යද්දි තේරුම් ගත්ත මේ මවාගත් දෙවියන් සින්තටික් බව, නමුත් විශ්ව ශක්තියෙන් නිර්මාණය උන මිනිසාගේ කැටලොග් එක කොහේ හෝ මිනිසාගේ සටහන් වී ඇති බව පිලිගැනීමට කවුරුත් අකමැති උනා. ඒ කැටලොග් එක ඔබේ දෙඅත් මතම ඇති බව මම ඔබට නැවතත් මතක් කරමි.
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එක් එක් මිනිසා ගේ නිර්මාණ පිරිවිතර අඩංගුව ඇත්තේ ඒ ඒ පුද්ගලයා ගේ ඩී.එන්.ඒ.වලයි.්

      කැටලොගයක් යනු එවැනි සියළු ඩී.එන්.ඒ. රටාවල එකතුවකි. හියුමන් ජෙනෝමය කියන්නේ එය යැයි සිතමි.

      Delete
    2. ඔය ඩී එන් ඒ වලින් අනාවැකි කියන්න පුළුවන් ඒත් ඉතාම සීමා සහිතයි.
      ඕකෙන් කියන්න පුළුවන්ද රසික උපායශීලී පුද්ගලයෙක් කියල. මම ත බැලුවම ගමන් දැනගත්ත. ඒකනෙ එක අනාවැකියෙන් නැවැත්තුවෙ , නැත්නම් මමත් පට්ටන්දරේම නිකම් කියල දාල හාව වෙනව.

      Delete
  11. ඔය අපේ බෑනා කියන ඒවා මහ ලොකුවට ගණන් ගන්න එපා මහත්තයෝ. පොඩිකාලෙ දොරේ හැපුණු එකේ ප්‍රතිඵල තමයි ඔය... කරුමෙට ඕක කේන්දරේ පෙන්නුම් කළේ නෑ නෙවැ.

    ReplyDelete
  12. මේ ලිපිය මා ලියුවේ ඕස්ට්‍රේලියානු ඡන්දය අවසන් වූ කාලයේ යි.

    මේ ආරම්භයේ අවසානයන් තුනක් තියෙනවා.

    එකක් පෙර කී ඕස්ට්‍රේලියානු ඡන්දයට සම්බන්ධයි. අනික මගේ පහත ලිපියට සම්බන්ධයි.
    https://rasikalogy.blogspot.com/2016/08/end-of-world.html

    තුන්වැනි හේතුව සති දෙකකට ඉහත සිනුවර දී ප්‍රසංගයක් නරඹද්දී මට ආ සිතුවිල්ලක්.

    ඒ සියළු විස්තර පසුව.

    හස්ත රේඛා පලාපල ලිපිය සහ එහි පසු කතාව ගැන පෙර කතාව මින් පෙර ලියා තියෙනවා. ඒ ලිපි සහ මෙය අතර සම්බන්ධයක් කලින් තිබුණේ නෑ. දැන් වහා ගොස් සමන්බන්ධයක් යෙදිය යුතුයි!

    ReplyDelete
  13. රසික පෙනී ඉන්න උත්සාහ කරන්නේ විද්‍යාත්මකව හිතන පතන චින්තකවාදියෙකු ලෙසය. එම නිසා මැවීම සහ දේව සංකල්ප පිලි නොගෙන ප්‍රතික්ෂේප කරනවා මදිවාට ඒවාට අපහාස කරයි, දෙවියන් වෙනුවට එළුවා සිහි කරයි. හැබැයි බෞද්ධාගම, ආගමක් නොවන බවට තර්ක කරයි, එම නිසා තර්කානුකූලව එය ගැඹුරු දහමක් බවත් එම නිසා එය පිළි ගන්නා බවත් පවසයි. එහෙත් දෙබිඩ්ඩ උපදින්නේ මෙතැනින් බව ඔහුට නොතේරේ. බෞද්ධාගමේත් දෙවියන් සිටින බව ඔහුට අමතකවේ. පසුව මතක් වෙන විට එම දෙවියන් අනිත් ආගමේ දෙවිවරුන්ට සමාන නොවෙන වෙනම ජීවීන් පිරිසක් බව කීමට ඉඩ ඇත. හැබැයි එම ජීවීන් සිටින්නේ මොන ලෝකයේද හෝ ඔවුන්ගේ විස්තර පැවසීමට සිදුවනවිට ඔහුගේ විද්‍යාත්මක චින්තනයට මොනවා වෙයිද ? අවසානයේ සිදුවන්නේ මාතලන් අතින් කලිසම ගැලවී යාමයි. එම නිසා කළ යුත්තේ එක් මතයක් දැරීම පමණි.

    ReplyDelete
    Replies
    1. උඹේ කලිසම ගැලෙව්වේත් මාතලන්ද මචන්? ඕකා හෙන ගල්කාරයලු නේද?

      Delete
  14. Anonymous 26 August 2016 at 20:03
    මගෙ නම් කලිසම ගැලවෙන්නෙ උඹේ ගෑනිගෙ අතින්නෙ මචන්, අපරාධෙ කියන්න බෑ සැප කෑල්ල, වෙලාවකට මට උඹ ගැන ඉරිසියයි. මේවා කිව්ව කියල උඹ ඒකිට තඩි බානව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කව්ද බන් මමවත් නොදන්නා මගේ ගෑනි? ඇහැරියන් මචන්

      Delete
  15. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබූ පලියට කෙනකු විද්වතෙකු හෝ විචාරකයෙකු නොවන බවට හොඳම උදාහරණය මාතලන් නමැති බ්ලොග් කරුය.කලකට ඉහත දමිත් කේතක නමැති මේ වගේම පොරක් බුකියේ සිටියේය.කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හෝ රැකියාව අදහස් දැක්වීමකදී වැදගත් නැත.එහෙත් තමුන් අදහස් දක්වන ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණික දැනුමක් හැදෑරීමක් සිදු නොකර සෝඩා බෝතලේ අරින්නාක් මෙන් අදහස් දැක්වීම තමුන්ගේ හිස්කම ප්‍රදර්ශනය කිරීමකි.සිවිල් සමාජය තුල ජීවිතේට පොරක් වෙන්න බැරි උදවියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් උපයෝගී කර ගෙන සයිබර් සමාජය තුල තම ඇරියස් කවර් කර ගත හැක.නමුත් තමුන් පොරත්වය යැයි පෙන්වන්නේ හිස්කමම නොවේදැයි ඔවුන් නොසිතති.අජිත් පැරකුම් ජයසිංහ යනු මහා ලොකු අධ්‍යාපනයක් ලද්දෙකු නොවේ. නමුත් ඔහු සිවිල් සමාජයේ පොරකි.ඒ නිසා ඔහුට ඇරියස් නැත.ඔහු සයිබරය තුල ලියන කියන දේ පරිණතය යම් හැදෑරීමක් කර ලියයි.මාතලන් වන්නෙකු එසේ නොවේ සිවිල් සමාජයේ ඇරියස් ගොඩකි.ඒ නිසාම ලැබුන ඉන්ටනෙට් කනෙක්ෂන් එක වඳුරාට කණ්ණාඩියකි.එකට එකක් පරස්පර අදහස් දැක්වීම් ,දවල්ට භොතිකවාදීවී රෑට අධ්‍යාත්මිකවාදීවීම් සිදු වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි.ජනප්‍රිය වෙන්නට ඕනෑම කුණු හරුපයක් ලියන්නේ ඒ නිසාය.මේ වගේ ඉන්ටනෙට් කනෙක්ෂන් වලින් පොර වල් වන්නට හදන ගොඩක් බුකිය හෝ බ්ලොග් පිරීමෙන් සොයා ගත හැක.දෙහි ගෙඩියේ සිට පොල් බෑව දක්වා දේවල්වලින් ලෙඩට බෙහෙත් හොයා ගත් බව පවසන සයිබර් වෙද්දු,හිනා කාල මැරෙන වර්ගයේ දේශපාලන විචාර විහිලු සපයන දේශපාලන විචාරකයන් පමණක් නොව රිඩර්ස් ඩයජස්ට් වර්ගයේ සයිබර් සඟරාවල පලවන දේවල් කියවා එව්වා සත්තමයි සිතා ලියන ( අර ගංජා ලිපිය වගේ) සයිබර් බුද්ධිමතුන් ගැන අප අනුකම්පා කල යුතුය.මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකකි.

    ReplyDelete
    Replies
    1. මේ රසිකගේ දෙබිඩි අවතාරයයි.... කිසිවක් කර කියා ගත දෙයක් නොවූ විට අවසානයට කරන්නේ මේ දෙයයි.

      පසුව පවසනුයේ මට අන්තර්ජාලයේ පැය 24 ම සිටිය නොහැකි බවයි. මේවා රසිකට පෙනෙන්නේ නැත.

      Delete
    2. අනේ දුවේ, මට මේවා කේන්දරෙන් පෙණුනා නම් මං උඹට කොච්චර හොඳ කසාදයක් කරල දෙනවද. දැන් ඉතින් පරක්කු වැඩියි. ගිය නුවණ ඇද්දවෑකියැ දැන්?

      Delete
    3. ඉන් ඇඩිසොන් ටු ද එබව් කොමෙන්ට්

      කරුමයකට අනික් උන්ට පෙනෙන්නේද නැත... ඊළඟට පොරි හැලෙන්න දුන් විට මාතලන් පමණක් ප්‍රශ්ණ කිරීමට එයි.

      මේ රසිකගේ උපන් ගෙයි පුරුද්දයි..

      දැන් රසික ආගිය අතක් නැත.

      Delete
    4. යට කලිසමත් ගැලවුණු රසිකතුමා, අනෝතුමෙක්වත් වෙලාද ? හික්ස්...

      Delete
    5. පැරා සහ මාතලන් අතර වෙනසම ඔය හිස්කමට හොඳ උදාහරණයක්.පැරාගෙ ලියවිල්ලයි මාතලන්ගෙ ලියවිල්ලයි අරං බලන්න.පැරා සහ මාතලන් දෙන්නම එකම වගේ අධ්‍යාපන පසුබිමක් සහිත අය.දෙන්නටම නිර්මාණශීලිත්වය තියෙනව.නමුත් පැරා ලියන දේවල් වල යම් පරිණත බවක් විනයක් ඒකමිතියක් තියෙන්නෙත් මාතලන්ගේ ලියවිලි සහ අදහස් දැක්වීම් බොහොමයක් යන්නෙ කොහෙද මල්ලෙ පොල්/දවල් මිගෙල් රෑ දැනියෙල් සහ ලාමක ටිං ටිං වන්නේත් ඇයි?මම නම් දකින්නෙ පැරා බ්ලොග් ලියවිල්ලට එන්නෙම ප්‍රයෝගික තලයේ සරු දේශපාලන අත්දැකීම්,ස්වෝත්සාහයෙන් කරපු හොඳ හැදෑරීමක් එක්කයි.මාතලන් එහෙම නෙවෙයි කිසිම ගැඹුරින් හැදෑරීමක් නැහැ.උඩින් අතපත ගාල රැල්ලෙ හැටියට චියර් එකට ලියනව.බොරු නම් මාතලන් පහුගිය අවුරුදු එකහමාරක දෙකක දක්වපු අදහස් දැක්වීම් විමසා බලන්න.උදේ කියන එක නෙමේ දවල් වෙනකොට.මේ කියන දේට සහමුලින්ම විරුද්ද දෙයක් තව ටිකකින් කියන්නෙ.වැඩිය ඕනි නැහැ ඔහුගේ සයිටම් සම්බන්ධව අදහස් දැක්වීම් සහ පැරාගේ සයිටම් සම්බන්ධ අදහස් දැක්වීම් බලන්න.මේක තමයි මනුස්සයෙක් ඇරියස් කවර් කර ගන්න බ්ලොග් ලියන එකෙයි විනෝදයක් විදියට බ්ලොග් ලියන එකෙයි වෙනස.

      Delete
    6. ඇත්ත.මාත මගේ බොක්ක නමුත් යම් මානසික ඇරියස් එකක් තියෙන බව පේනව.අර රුවන් දොස්තර මහත්තය ඉස්කෝලෙ කාලෙ තෝසෙ කාපු හැටි ගැන ලිව්වම මාතෙත් ලියනව තාත්ත හාමුත් එක්ක තොස කන්න ගියාය වේටර්ලා වැඳගෙන ඉද්දි සීයෙ පටි ටිප් එකට දුන්න මිසක්ක අපි හොරෙන් කාල දිව්වෙ නැතිය ප්‍රභූ පවුල් වල කොල්ලො එක්කය තෝසෙ කෑවෙ කියල.දැන් බලන්නකො රුවන් දොස්තර මහත්තයට ආයි බ්ලොග් පොස්ට් එකකින් කවර් කර ගන්න ඇරියස් එකක් නැහැ.උන්නැහේ රට රට වල ලොකු රස්සාවල් කරලා ලංකාවෙත් තමුන්ගේ ක්ෂේත්‍රයේ විතරක් නෙමේ සාහිත්‍ය කලා වගේ අංශවලත් බැබලුනු චරිතයක්.ආයි මොනව පුම්බන්නද? අපේ මාතට එහෙම නෙමේ.ඉතිං අපි ඌට අනුකම්පා කරන්න ඕනි නැද්ද?

      Delete
    7. මේ ඇනෝ ලොක්කො, මාතලන් ලියන එව්ව කියවන්න කැමති උන් මාතලන්ගෙ බ්ලොග් එක බලයි. පැරා ලියන එව්වා කියවන්න කැමති උන්, පැරාගෙ බ්ලොග් එක බලයි. උන් දෙන්නම එකම ලිව්වොත්, බ්ලොග් දෙකක් ඕනෙ නෑනෙ. අනික ඔහේ මාතලන්ගෙ බ්ලොග් එකට කැමති නැත්නම් මාතලන්ගෙ එව්වා මොකටද බලන්නෙ ? මම පොඩි කාලෙ ඉඳල අපේ ගෙදරට සිළුමිණ පත්තරේ ගන්නෙ නෑ, මොකද ආණ්ඩුවට කඩේ යන නිසා. මොන ආණ්ඩුව ආවත් ඒක එහෙමනෙ.

      Delete
    8. අවුරුදු පනහත් පැනල සමාජෙ කැපී පෙනෙන පොරක් වෙන්න බැරි උනාම එනව හෙළුවෙන් ඉඳල හරි පොරක් වෙන්න ඕනිය කියල හිතක්.ඉතිං මහින්ද හොඳයි කියනව ආයි නරකයි කියනව රනිල් මරු කියනව ආයි චිකේ කියනව ප්‍රජත්තන්තරවාදේ ඕනිය කියන ගමන් ලංකාවට ඕනි එකාදිපතියෙක්ය කියනව.කේන්දරේ චෝයි කියන ගමන් අනික් උන්ට ගල් යුගේ කියල කෝචොක්‌ කරනව.මේක මානසික විකුර්තියක්.පොර තාලෙන් දන්නා නොදන්නා ඕනි මගුලක් ලියන එකත්, රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගියපු එක සීයා හාමුගේ කාර් එක වගේ පම්පෝරි ගහන එකත් ඇරුනම වෙන මාකට් කරන්න මුකුත් නැහැ.මේ වගේ ඩයල් මීට ටික කාලෙකට කලින් කොලඹ පාරවල් වල හිටිය හම ගියපු ටයි කෝට් ඇඳගෙන ඉංගිරිසියෙන් පම්පෝරිය ගහල රුපියලක් දෙකක් ඉල්ලනව.ඉස්සර පාරෙ හිටපු උන් දැන් බ්ලොග් වලට ඇවිත්.වෙනස මාරයි නේහ් .

      Delete
  16. @ All

    කාරුණික දැනුම් දීමයි.

    1. මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමික කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියළු බ්ලොග් කියවන්නන් වෙත මෙයින් පවසා සිටිමි.

    2. මගේ බ්ලොගය සහ එහි ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේ දී කරුණාකර අදාල මාත්‍යාකාව ගැන පමණක් කතා කරන්න. මේ ලිපිය මිනිසා විසින් දෙවියෙකු මවා ගැනීම පිණිස මිස වෙනත් කාරණයක් ගැන නොවේ.

    3. කරුණාකර මාතලන් සමග ඇති ප්‍රශ්ණ ඔහු සමග ඔහු ගේ බ්ලොගයේ දී හෝ ෆෙස්බුක් පිටුවේ දී හෝ විසඳා ගන්න. මේ ඒ සඳහා ස්ථානය නොවේ!

    ReplyDelete
    Replies
    1. දැන් රසික බ්ලොග් පෝස්ට් දාන්නේ මාතලන් ගැන කතා කරන්නද වෙන දේවල් ගැන කතා කරන්නද... මොකෝ මේකේ ඇඩ්මින් රසික නිසා මෙහෙම අහන්නේ. මගේ බ්ලොග් එකේ කවදාවත් අනුන්ට මඩ ගහන්න දෙන්නේ නම් නෑ.. ඒ මගේ මහත්මා කම... ඕවා තිබුනත් අවුලක් නෑ... මොකෝ ඒකෙන් මිනිස්සු දෙයක් පැහැදිලිව තේරුම ගන්නවා.. රසික කියන්නේ පට්ට දෙබිඩ්ඩෙක් කියලා..

      Delete
    2. //ඕකේ වෙලා තියෙන්නේ මේකයි මම කියන්නම් ටක්කෙටම. පොඩි කාලේ හඳහන් බලපු දෙකයි පනහේ හඳහන් කාරයෙක් කියනවා රාජ් ඉගෙනගෙන ලොකු තැනකට යනවා කියලා. ඉතින් රාජ් ඒ තැනට ඇවිල්ලා තියෙනවා කේන්දරකාරයට සාපේක්ෂව. නමුත් රාජ්ට ඒ තත්වය මදි. ඉතින් රාජ්ගේ විශ්වාසය භංග වෙනවා. ඉතින් කේන්දර කාරයන් එක්ක විර බැඳගන්නවා. ඒ කියලා රාජ් හඳහන් විශ්වාස කරන එක නවත්තලත් නෑ. ඒ වගේම රාජ් සැඳහවත් බෞදහ්යෙක්. ඉතින් මේ වගේ එරියස් කවර් කර ගන්න තැනක් ආවම රාජ්ගේ වෛරය එලියට එනවා. රසිකගෙ වගේම. මෙතන කේන්දර වලට විරුද්ධව අදහස් දාපු හැම එකාටම වෙලා තියෙන්නේ ඕකයි. රසිකට ඊට මතරව මර්ණ බියත් තියෙනවා.//

      මේ තියෙන්නෙ මාතලන් තමන්ට ඇතැයි රසිකට නැතැයි කියන මහත්මා ගතියයි. ඉහල ඇනෝලා මාතලන් ගැන කියා තිබෙන්නේ ද මාතලන් රාජ් සහ රසික ගැන ලියා තිබෙන ආකාරයේම කමෙන්ටුය. ඒවා දකින විට මහත්මාකම මතක්වෙන මාතලන්ට, තමන් ලියන විට එම මහත්මාකම අමතක වෙයි.

      Delete
    3. අනේ පලයන් බන් ගොන් හරකා. එනවා මෙතන මහත්මාකම ගැන කියවන්න. උඹ මහත්තයෙක් නම් ඒක අනිත් උන් කියයි. මහත්තුරු කවදාවත් තමන් මහත්මයෙක් කියන්නේ නැහැ

      Delete
    4. ුඇනෝ.13.56
      තිසර උපුටා ඇත්තේ "මාතලන්ගේ "කමෙන්ටුවකි. ඔහු තමාට මහත්මාකමක් ආදේශ කරගෙන නොමැත.

      Delete
  17. දැන් ආපහු මාතෘකාව දිහාවට හැරෙමුද?

    ReplyDelete
  18. අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
    ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

    මේ කතා කරන්නෙ අර නාථ දෙයියො ළඟ නතරවෙච්චි මහාචාරයතුමා ගැන වත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා දෙවියන් ඇදහීමට විරුද්ධව සටනක් ඇරඹූ පසුව එය අතහැර කුණු ගොඩක වැටුණු අයෙක්.

      දැන් පරලොව.

      Delete
    2. සෝමේ අන්කල්ද?

      Delete
  19. මෙතැන් සිට ප්‍රතිචාර අනුමත කිරීමෙන් පසු පමණක් පළ කරමි.

    දැන් (10:40pm AEST) මා නින්දට යන අතර යලිත් බ්ලොගය බලන්නේ සෙනසුරාදා දහවල් දොළහෙන් පසුවයි.

    සුභ රාත්‍රියක් වේවා!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාර්ය බහුල දවසකි.

      උදේ සිට ජංගම දුරකථනයෙන් විටින් විට ඔන් ලයින් සිටියද යාන්තම් පරිගණකයක් ඉදිරිපට වාඩි වෙන්න ලැබුණේ දැනුයි.

      ඊයේ ලැබුණු සම්මත කුණුහරුප සහිත කමෙන්ටු දෙකක් (දෙකම මාතලන් නමැත්තා ගේ ය) කපා දමන්නට සිදුවිය.

      මේ බව විට ලැබී තිබුණු කමෙන්ටු අතරින් දෙකක් හැර අනෙක් සියල්ල පළ කළෙමි. ඒ දෙකේම සම්මත කුණුහරුප පද ඇත.

      සියළු දෙනාටම ස්තුතියි.

      දැන් (6:50 pm AEST) සාදයක් සඳහා පිටත්ව යමි. නැවත පරිගණක ගත වෙන්නේ බොහෝ විට හෙට උදේ ය.

      Delete
  20. ඇයි මගේ කොමෙන්ට් එක පබ්ලිෂ් නොකලේ...

    මගේ ඊළඟ පෝස්ට් එක..

    බ්ලොග් ලියන පොන්නයා

    රසික හරිස්චන්ද්‍ර

    ReplyDelete
  21. මේක දෙවියන්ගේ වැඩක්ද මන්ද? මට ලියන්නත් බයයි. දෙවියෝ ඕනෑකමින් මේ වලි ඇති කරනවද කොහෙද?
    දැන් මෙහෙම විශ්ලේෂණයක් කරමු.
    රසික
    1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
    2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
    මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
    එසේ විශ්වාස කරන්නේ නම් රසික මාතලන් කියන්නාක් මෙන් දෙබිඩ්ඩෙකි.
    මාතලන්
    මාතලන් මහින්ද මහතා සුමනදාස විශ්වාස කිරීම ගැන මා මෙන්ම විවේචනය කල බව මතකය.
    නමුත් දැන් ඔහු ඉන්දික තොටවත්ත නිවැරදි යයි කියයි.
    මාතලන් ප්‍රගතිශීලි ගෝත්‍රික නොවන සමාජයක් සඳහා පෙනී සිටින්නෙකි.
    නමුත් මාතලන් තමන් එය ඉගෙන ගත් නිසා හඳහන් විශ්වාස කරයි. හඳහන් වලින් පාවසන දේ ඔප්පු කිරීමට නොහැකිය.
    මහින්ද මහත්තය එදා කල දේ නිවැරදි බවට මාතලන් විශ්වාස කරනවාද?
    එසේ නම් මාතලන් ද දෙබිඩ්ඩෙකි.

    අවුරදු ගානකින් පන්සලක් පැත්ත පළාතක නොගිය දෙවියන් තියා පුනරුත්පත්තිය වත් විශ්වාස නොකරන ජාතිද්‍රෝහී නසරානියෙකු වන මා අම්මා කිව් නිසා පසුගියදා දානයක් දුන්නෙමි.
    එනිසා මාද දෙබිඩ්ඩෙකි.

    ReplyDelete
  22. හොඳ සටහනක් සහ පටන් ගැන්මේදී හොඳ සංවාදයක්. එකතු කරන්න බොහෝ දේ තිබ්බත් මේ වනවිටත් කට්ටිය පැති කීපයකට ධ්‍රැවීකරණය වී ඒ වගක් පලක් නැතුව තමන් අල්ල ගත්ත එකේ එල්ලී ගෙන ඉන්න නිසා තව දුරටත් සංවාද අගයක් දකින්නේ නැහැ. මෙතනින් එහාට අපිට වැඩිම වුනොත් පුළුවන් රසිකට මාතලන් ට හෝ රාජ් ට [සහ තව කීපයක් ඉන්නවා] බනින්න පරණ ගේම් ඇරියස් අල්ලන්න විතරයි.

    ----------

    ආගම මට ඇලජික් නැහැ, සාමාජියව ප්‍රහීන කරන්න ඕනෙකමක් නැහැ, හුදෙක් තාර්කික ගැටලුවක් පමණයි. මම ගැන කිව්වොත් මම පන්සල් පල්ලි ආදියට යන එන ඒවා මානව සමාජ ජීවිතයේ වැදගත් දේවල් ලෙස සලකන, සාමාජිය අවශ්‍යතා [මිතුරන්ගේ දානමාන ආදිය] තුල තරමක බෞද්ධ හැසිරීමක් [පන්සිල් දෙද්දී වැඳගෙන සිටීම වැනි] කරන ආගම සමාජයට අවශ්‍ය කාර්යභාරයක් කරන බව හිතන එහෙත් කිසිම ආගමක් හෝ දර්ශනයක් නො අදහන කෙනෙක්.

    බෞද්ධ කියන්නෙත් ආගමික දර්ශනයක්ම පමණයි කියා පමණක් ලියලා තියන්නම් [ඊට එහාට ඉතින් මාතටයි රසිකටයි ගහන එක ඇරෙන්න දෙයක් වෙන්නේ නැහැනේ මෙතන].

    අදාළ මාතෘකාව සම්බන්ධයෙන් වරින් වර ලියැවු කරුණු කීපයක් මෙහි දානවා.

    ආගමේ (ඇදහිල්ලේ) ඉලෙක්ට්‍රිකල් උදාහරණය සහ අයි ටී උදාහරණය

    ආගමේ සන්නද්ධ අංශය හා ආගමේ දේශපාලන අංශය

    ReplyDelete
  23. මගෙ යාලුවෙක් දෙයියන්ට බැනල මලා

    ReplyDelete
  24. රන් අරුණැල්ලේ පීදෙන සාර කෙතේ නුබ හිදිනා..
    නිල් පවනැල්ලේ රැලි නගන වැවෙි නුඹ පෙනෙනා...
    අප්පච්චී... අප්පච්චී... නුඹයි අපට අප්පච්චී...
    අප්පච්චී... අප්පච්චී... නුඹයි රටට අප්පච්චී...
    ආසිරි... ආසිරි...ආසිරි... ආසිරි...පතමු දිගාසිරී...
    කිරි සුවදේ හිනැහෙන බිළිදු මුවෙි.. නුඹ හිදිනා...
    සිල් සුවදේ මුමුනන මව් තුරැලේ.. නුඹ පෙනෙනා...
    අප්පච්චී... අප්පච්චී... නුඹයි අපට අප්පච්චී...
    ආසිරි... ආසිරි...ආසිරි... ආසිරි...පතමු දිගාසිරී...
    තුටු සිනා තුටු සිතින්..රළු තථා එඩි සිතින්..
    තුන් සිතින් දිරි අරන්.. මුළු ලොව දිනන්න කියා දුන්නෙ..නුඹයි...
    අප්පච්චී... අප්පච්චී... නුඹයි අපට අප්පච්චී...
    අප්පච්චී... අප්පච්චී... නුඹයි රටට අප්පච්චී...
    ආසිරි... ආසිරි...ආසිරි... ආසිරි...පතමු දිගාසිරී..

    ReplyDelete
  25. යමක් කමක් හිතන්න පුළුවන්,කාල ඇඳල ඉන්න සමාජ ආශ්‍රයක් තියන මිනිස්සු තමුන්ගෙ භාෂා ශරීර වලින් මේ විදිහට හැසිරෙනකොට අර අමු අමුවේ අසාධාරණ වෙන මිනිස්සුන්ට කතා කරල ප්‍රශ්න විසඳගන්න කියල කියන්න වෙන්නෙ කටින් නම් නෙමෙයි.
    හීන් නූලෙන් හරි මහ කඹෙන් හරි ඇදෙන මේ ගේම් නම් පට්ට ගඳයි.
    මේ දෙන්නටම වැඩිහිටියො වගේ හැසිරෙන්න කියන්න තරම් ගස්ලබ්බා පොරකුත් නෙමෙයි අත්දැකීම් ඇත්තෙත් නෑ..
    ඒත් කියන්න තියන එකම දේ පට්ට ගඳයි.
    (මේ කොමෙන්ටුව බ්ලොග් දෙකේම දානවා.වෙන දෙයක් කියන්න නෑ.)
    ජයවේවා..!!

    ReplyDelete
  26. කොහොම උනත් රසික හැසිරෙන විදිය ආඩම්බරයි. ගොතලන්ගේ කොමෙන්ට්ස් නොසලකා තමන්ගේ බ්ලොග් එක ලියාගෙන යනඑක තමයි ඌට දෙන්න පුළුවන් ලොකුම දඬුවම. බුවා වල්ගේ උඩ වාඩිවෙන්න චාන්ස් එකක් එනකම් ඉන්න හරකෙක්.

    ReplyDelete
    Replies
    1. මට කුණුහරුප කීමට, අනුන්ට බැණ වැදීමට, නිර්ණාමිකව ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවක් නැත!

      Delete
  27. සෑහෙන කාර්ය බහුල දවසකි. උදේ සිට ජංගම දුරකථනයෙන් විටින් විට ඔන් ලයින් සිටියද යාන්තම් පරිගණකයක් ඉදිරිපට වාඩි වෙන්න ලැබුණේ දැනුයි.

    ඊයේ ලැබුණු සම්මත කුණුහරුප සහිත කමෙන්ටු දෙකක් (දෙකම මාතලන් නමැත්තා ගේ ය) කපා දමන්නට සිදුවිය.

    මේ බව විට ලැබී තිබුණු කමෙන්ටු අතරින් දෙකක් හැර අනෙක් සියල්ල පළ කළෙමි. ඒ දෙකේ ම සම්මත කුණුහරුප පද ඇත.

    සියළු දෙනාටම ස්තුතියි.

    දැන් (6:50 pm AEST) සාදයක් සඳහා පිටත්ව යමි. නැවත පරිගණක ගත වෙන්නේ බොහෝ විට හෙට උදේ ය.

    සුභ රාත්‍රියක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඊයේ රාත්‍රියේ එක් කර තිබුණු සියලුම ප්‍රතිචාර පළ කර ඇත.

      දින දෙකටම පළ නොකළේ ප්‍රතිචාර දෙකක් පමණි. ඒ දෙකේම සම්මත අසභ්‍ය වචන ඇත.

      Delete
  28. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු නෙමේ ගූ හැත්තෑවයි කියල තේරුම් ගන්න මීට වඩා උදාහරණ ඕනිද? යකෝ සාදාරණ සදාචාරවත් සමාජයක් ඕනිය කියල බ්ලොග් පොස්ට් දන්නෙ මෙහෙවූ මිනිස්සුනෙ. දෙතුන් සීයක් බලන බ්ලොග් පොස්ට් වලට මෙහෙම මර ගන්නව නම් බැරි වෙලාවත් මුන් දේශපාලනේ කලොත් ?අනේ අර වාසුල හරින්ල මර්වින්ල දාහෙන් සම්පතයිනේ බලං ගියාම

    ReplyDelete
    Replies
    1. මගේ කිසි වලියක් නැත. නමුත් අභූත චෝදනාතරමක් සිත රිදවයි!

      Delete
  29. සියල්ල කිව්වට සියල්ල පල කලේ නැහැ නේද? කුණුහරුප නැති තව කමෙන්ට්ස් තිබුන කියල මම නම් දන්නවා

    ReplyDelete
    Replies
    1. දින දෙකටම පළ නොකළේ ප්‍රතිචාර දෙකක් පමණි. ඒ දෙකේම සම්මත අසභ්‍ය වචන ඇත.

      ඉන් එකක් ඇනෝනිමස් එකකි, එය ඔබේ නම් එහි සම්මත කුණුහරුපයක් (k) තිබෙන බව පවසමි.

      Delete
  30. රසික ඇනෝ කමෙන්ට්ස් දාන්නේ නැහැ කිව්වට ඒකත් කමෙන්ට්ස් සියල්ල පල කළා කියන එක වගේ බොරුවක්ද?

    ReplyDelete
    Replies
    1. මට බොරු කීමට කිසිදු අවශ්‍යතාවයක් නැත!

      Delete
  31. මෙය තවත් බ්ලොග් වලියක් නොවේවා ; මාතලන් සහ රසික අපි මේක මෙතනින් නවත්වා වෙනත් සංවාදයකට යමුද ?

    ReplyDelete
    Replies
    1. වලිය මගේ ද රුවන්?

      ඔබ ද අත් විඳ ඇති පරිදි මේ මට එල්ල කර ඇත්තේ අභූත චෝදනාවකි. දන්නා හේතු නිසා අවසානයේ සිතක් චංචල අනාරක්‍ෂිත තත්වයකට පත්ව සැකය සහ අතත්‍ය දේ පෙනීම වැනි දේ සිදුවීම ගැණ හොඳ කේස් ස්ටඩි එකකි

      Delete
  32. මේ දාන්නේ මාතලන්ගේ අඩවියේ මේ දැන් දැමූ කමෙන්ට් එකේ පිටපත.

    දෙන්නම ලියන්ඩ තියන දේවල් ඔක්කොම ලියාගනිල්ලා. ඊට පස්සේ හිතපල්ලා මොකක්ද වුනේ මොනවද කරන්ඩ ඕනේ කියලා.

    මමනම් පහුගිය කාලේ සෑහෙන්න පාඩම් ඉගෙනගත්තා.

    ReplyDelete
    Replies
    1. අපෙ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා...

      Delete
  33. මනුස්සයෙකුට ජීවිත කාලෙ එකවරක් හරි අපහාස විඳින්න සිදුවෙනව. චෝදනා හමුවේ රසිකලොජිස්ට්ගේ හැසිරීම මට අනුව ගරුකටයුතුයි.

    සැකයේ වාසිය හැමවිටම විත්තිකරුට ලැබිය යුතුයි. සැකකරුවන් ආයුධ පෙන්නන්න ගිහිල්ල ඝාතනය නොකල යුතුයි.
    රාජ්ට හිතෙන්නෙ එහෙමයි!

    ReplyDelete
  34. මාතලන් විසින් තමන්ට විරුද්ධ මත දරනා බ්ලොග්කරුවන් සුනු විසුනු කරමින් බ්ලොග් අධිරාජ්‍යයක් ගොඩනගනා බව පෙනී යයි. ඒ පිළිබඳව කිසිදු අමනාපයක් නොමැති මුත් එයින් සිංහල බ්ලොග් අවකාශයේ බුද්ධිමය සංවාද සදහා වූ ඉඩ ප්‍රස්ථාව ඇහිරී යාම පිළිබධව වසර 5ක් පුරා බ්ලොග් කියවන්නකු වශයෙන් මට ඇත්තේ විශාල කණගාටුවකි.
    විශේෂ කොට තම බුද්ධිය සහ දැනුම ප්‍රමාණයෙන් තර්කයක් ගොඩ නැගිය නොහැකි කල ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වයට අපහාස කරමින් ඔහු මෝඩයකු, ද්‍රෝහියෙකු, දෙබිඩි අයකු ලෙසින් අපහාස කරමින් කුණුහරුප වපුරනා බ්ලොග් කරුවකු සහ කට ගොන්නක් බීගත් ගමේ නුගත් චන්ඩියෙකු අතර වෙනසක් මට නොපෙනේ.
    උදාහරණයක් ලෙස මාතලන් විසින් ගංජා වල ඖෂධීය ගුණය පිළිබධව ලියන ලද ලිපියෙන් පසු දොස්තර රුවන් විසින් ගංජා ඇබ්බැහිය සහ එහි අතුරු පල පිළිබධ ලිපියක් ලිවීමෙන් පසු ඇතිවූ ගැටුමත්, මාතලන් විසින් කෙන්දර සහ පලාපල පිළිබද දැමු කොමෙන්ටුවකට රසික විසින් තම මරණය පිළිබද අනාවැකියක් කියන ලෙස කල අභියෝගයට පසු ඇතිවූ තත්වයත් සලකා බැලිය හැක. මේ අවස්ථා දෙකේදීම තමන් පරදින බව දුටු මාතලන්, ප්‍රතිවාදී බ්ලොග් කරුවන්ට චෝදනා නගමින්, ඔවුන්ට මඩ ගසමින් හැසිරෙන අකාරය පිළිකුල් සහගතය.
    අවසාන වශයෙන් කිව යුත්තේ "ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට" යන්නයි.
    සිංහල බ්ලොග් අවකාශයට ආදරය කරන ඇනොවෙක්.

    ReplyDelete
  35. දෙවියන් නමින් අප හඳුන්වනු ලබන අධිමානුෂික බහුමානික සත්ත්වය ගැන අප විමසන්නේ ත්‍රිමානයේ සිරකරුවන් ව සිටිය දී ය. විද්‍යාවෙන් කොපමණ දියුණු වුවත් සාමාන්‍ය මිනිසාට ලැබිය හැකි ඉහළම දැනුම පසිඳුරන්ගෙන් ලැබෙන සංජානනයන්ට සීමා වෙයි. 2500 වසරකට පෙර බුද්ධත්වයට පත් ගෞතමයන් විශ්වීය ව්‍යුහය ගැන පළ කළ විස්මිත විස්තර පමණක් නොව, 20 සියවසේ මැද භාගයේ දී අභිඥාලාභී වූ එඩ්ගා කේසි විසින් සිදු කරනු ලැබ ඇති පාරභෞතික ප්‍රකාශයන් ද නවීන විද්‍යානුකූල ව සත්‍ය බව ඔප්පු වූයේ පසු කාලයේ ය. කිතුමන්ගේ දිව්‍යමය භාවයට සාක්ෂියක් වැනි ටියුරින් මළවැස්ම(TURIN SHROUD)විද්‍යාවට පවා වටහාගත නොහැකි අභිරහසක් වේ. දේව ස්වභාවය හා මිනිසා අතර වෙනස බයිබලය පැහැදිලි කරන්නේ කුම්භකාරයා සහ ඔහු නිපදවන මැටි බඳුන් උපමාවට ගනිමිනි. එක් ඇසක් ඇති අයකුට පවා ත්‍රිමානය වටහාගත නොහැකි කල්හි, පූර්ණ අන්ධයකුට එය කිසිසේත් වටහාගත නොහැකිය.

    ReplyDelete
  36. රෝමාන්තික සින්තටික් සිහිනය කියන්නේ මොකක් ද අර්ථය හෝ නොදමි. කියදෙන්න

    ReplyDelete
  37. රෝමාන්තික සින්තටික් සිහිනය යනු කුමක් ද

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.