Saturday 26 November 2016

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots


අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.

මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා දිගැති පැණි රසැති බනිස් විශේෂය ඒ කිසිවක් නොව "ගැඩවිල් බනිස්" ලෙස හැඳින්වීමෙනි. මගේ අදහස අනුව ඒ බනිස් වර්ගයේ හැඩයට ඉතා හොඳන් ගැලපෙන්නේ "ගැඩවිල්" යන නාමයයි. මගේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරෙන තර්කයක් කිසිවෙකු මතු කර නොමැත!

ඒ කෙසේ වුවත්, මෙකී ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටිය නිසා මගේ පියා අප කුඩා කාලයේ මා සමග කියූ අති පැරණි රසවත් කතාවක් මගේ සිහියට නැගිණි.

මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ ඒ කතාවේ සාරාංශයයි.

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය

මෙන්න වැඩි විස්තර.

දහ අටවන සියවසේ අග භාගය වන විට ලංකාවේ දකුණු ප්‍රදේශය පැවතී ඇත්තේ ඕලන්ද පාලනය යටතේ ය. ඔවුන් ගේ ප්‍රධාන බලකොටුව ගාල්ල වෙන්නට ඇතැයි සිතමි. නගරයෙන් දුර පළාත්වල පාලනය, කුළුබඩු මිලට ගැනීම, වැට් බදු එකතුව වැනි කටයුතු සඳහා වෙනත් කුඩා බලකොටු ද හෙවත් ඩීආරෝ කන්තෝරු ප්‍රාදේශීියව පිහිටුවා තියෙන්නට ඇත.

ඒ සමයේ දී ලන්දේසීන්ට විරුද්ධව යම් ප්‍රාදේශීය කැරැල්ලක් ඇති වී ඇත. ආයුධ රැගත් දේශප්‍රේමී තරුණයින් ලන්දේසි බලකොටුවකට පහර දී ඇති අතර එය සාර්ථක වී නොමැති බව කියවේ.

ඒ පහර දීමෙන් කුපිත වූ ලන්දේසි රණවිරුවන් කර ඇත්තේ අවට ගම්වලට පැන වැදී තරුණයින් අත් මරා දමන්නට, අත් අඩංගුවට ගන්නට, එළියකන්දට දක්කාගෙන යන්නට, අතුරුදහන් කරන්නට පටන් ගැනීමයි.

තත්වය දරුණු අතට හැරුණු නිසා, එකල බද්දේගම නම් සුන්දර ගම්මානයේ නිවැසිව සිටි දේශප්‍රේමී එක් කුස උපන් සහෝදරයින් තිදෙනෙකු කර ඇත්තේ තමන් සතු අවි ආයුධ ද රැගෙන උතුරට පලා යාමයි. සති ගණනාවක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණි ඔවුන් අවසානයේ නතර වී ඇත්තේ කැලණි ගංගාව ද තරණය කළ පසුවයි.

අද බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර-කඩවත ප්‍රදේශයේ වාසය කරන සූරියආරච්චිලා එසේ පැමිණි සහෝදරයින් තිදෙනාගෙන් පැවතෙන අය යැයි මගේ පියා මා සමග පැවසුවේ ය.

එය ඔහුට ඊට පෙර පරම්පරාවෙන් අසන්නට ලැබුණු කතාවකි.

මගේ පියා කුඩා කාලයේ කඩවත, උතුරු පරකන්දෙණිය ප්‍රදේශයේ පිහිටි අපේ සීයා ගේ මහගෙදරට ගිය දිනයක, ඊටත් වසර එකසිය ගණනකට ඉහත කාලයක උතුරට සංක්‍රමණය කළ තම මුතුන් මිත්තන් එදා ඔවුන් රැගෙන ආ ආයුධ වැලලූ ස්ථානය පවා පියා ගේ මහප්පා කෙනෙකු විසින් පෙන්වා දී ඇත.
ඒ දකුණට මගේ ඇති සම්බන්ධයයි.

මගේ ප්‍රිය බිරිඳ ගේ පියා දකුණේ සිට කඳුරටට සංක්‍රමණය කර ඇත්තේ ඊට සම්පුර්ණයෙන් ම වෙනස් වූ, ආර්ථික හේතු නිසා ය.

මාතර ප්‍රදේශයේ ඇල්ගිරියේ උපන් ඔහු, ඒ දිනවල දකුණේ තරුණයින් සිය ගණනක් තරුණයින් කර ඇති ආකාරයට, උඩරට ගොස් ඇත්තේ රැකියාව ලෙස වෙළඳාමෙහි නිරත වීමට ය. කාලයක් තිස්සේ සෑහෙන කට්ටක් කා, යමක් කමක් හරි හම්බ කරගෙන කුඩා ව්‍යාපාර හිමියෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ ද, ඇල්ගිරියම නිජ බිම කරගත් තරුණ ගුරුවරියක හා සමග ය.

මගේ බිරිඳ ගේ හතරවරිගයේ ම ඇයට කලින් පරම්පරාවේ ඇයින් තවමත් සිටින්නේ මාතර-අකුරැහැ ප්‍රදේශයේ ම ය. ඇගේ පරම්පරාවේ අය නම් රටේ ද, ලෝකයේ ද විවිධ ප්‍රදේශවල විසිරී සිටිති.

අප දෙදෙනා ගේ මේ බද්දේගම සහ ඇල්ගිරිය සම්බන්ධය අනුව, අපේ දරු දෙදෙනා ට ද, අපි දකුණේ තමයි, හරිය? කියමින් වත්මන් ෆේස්බුක් ගාලගෝට්ටියට සම්බන්ධ වීමට හැකියැයි සිතමි!

-රසිකොලොජිස්ට්

(http://exploresrilanka.lk/2016/01/prince-of-pastries/)

51 comments:

  1. ඉගෙනගන්න දේවල් තියෙන බ්ලොග් එකක් ගිගින් බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ රසික මැට්ටා කවදාවත් ඉගෙන ගන්න එකෙක් නෙවෙයි ඉයන්.

      Delete
    2. ඒ ඇනෝ මොන්ටිසෝරියේ දී උගන්නපු ටීචර් ද කොහෙද?
      http://rasikalogy.blogspot.com/2016/07/once-upon-time.html



      Delete
  2. ප්‍රාදේශීය ව්‍යවහාරය අමුතු දෙයක් නෙවේ. මට මතකයි කිරිගීස් ලේඛක චින්ගීස් අයිත්මාතවුගෙ පොතක් පරිවර්තනය කරපු මෙහේ ලේඛකයා ඊට යොදාගෙන තිබුනෙ දකුණේ භාෂාව. ඊට හේතුව විදියට ඔහු කියල තිබුනෙ රුසියන් භාෂාවට සමාන එහෙත් පොඩි ‍‍පොඩි වෙනස්කම් ඇති කිරිගීස් භාෂාව වෙනුවෙන් දකුණේ භාෂාව යොදාගැනීම හොඳයි කියල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විවිධ ප්‍රදේශවල උච්චාරණ වෙනස්කම්වලට නම් හේතුව ඒ ඒ පිරිස් ලංකාවට ආපු කාලේ ඉඳලා ආපු පැතිවලින් ගෙන ආ වෙනස්කම් බවයි මගේ අදහස.

      හරියට විවිධ රටවල ඉංග්ලිෂ් උච්චාරණය වෙනස් වගේ!

      Delete
    2. නැහැ. ලංකාවෙ තත්වය සැලකුවොත්, මම නං හිතන්නෙ මිශ්‍රවීම අඩු ඒ කාලෙ ඒ ඒ පළාත්වල භාෂාවට අලුතෙන් එකතුවන වචන වැඩිවීමෙන් වෙනස වෙන්න ඇති කියල.

      Delete
    3. මීශ්‍රවීම අඩුවීමටත් හේතුව ඉන්දියාවේ විවිධ පළාත්වලින් පැමිණ, වෙනස් කුල ලෙස වෙන්වී පදිංචි වී ජීවත් වීමයි!

      Delete
  3. ශ්‍රීපති සූරියආරච්චිත් එහෙනං රසිකලාගේ නෑයෝ වෙන්න ඇති (මහර-කඩවත)

    ReplyDelete
    Replies
    1. විය හැකියි. නමුත් ඒ කාලයේ සන්නිවේදනයේ සහ තොරතුරු ලේඛනගත වීමේ ප්‍රශ්න නිසා පරම්පරා තුනකට විතර කලින් එක පවුලේ සහෝදර සහෝදරියන් ගේ වත්මන් පරම්පරාවේ අය එකිනෙකා අඳුනන්නේ නෑ.

      ඔය ශ්‍රීපති කාරයා ඡන්දෙ ඉල්ලන්න මනාප ලයිස්තුවට නම දැම්මේ ආරච්චි සුරිය කියලා. එදාම මං පොරව කපා හැරියා!

      ඊට කලින් හිටියා එස්.කේ.කේ සූරියආරච්චී කියලා, ඇමතියෙක් 1970-77 රජයේ. ශ්‍රීලනිප ලේකම් වෙලාත් හිටියා. පස්සේ පක්‍ෂ මාරු කරලා කුජීත වෙලා ගියා!

      Delete
    2. රසික,

      මිනිහ අන්තිමට මහර ප්‍රාදේශීය සභාවෙ යූඇන්පී විපක්ෂ නායක වෙලා හිටිය නේද? අමර හේවාමද්දුම නම් autobiography දී මිනිහ ගැන හොඳ කියල තියනව. ශ්‍රීපති ගැන ලියන්න data වැය කරන එකත් අපරාධයක්. අන්තිම නින්දිත තුච්ඡ අවස්ථාවාදියෙක්. පැහැදිලිවම වෘක්ෂ සුනඛයෙක්. මහින්ද ඕකව එලවීමෙන් කළේ ජාතික සේවයක්. හැබැයි ඒ නුවන අපේ ලොක්කට පස්සෙ තිබුනේ නෑ.

      මේ ප්‍රාදේශීය වාද අවශ්‍ය නෑ. ඔය විකාරෙ නිසා සිංහල ජාතිය බෙදෙනව. ඔය ප්‍රදේශ කුල වගේ මලඉලව් නිසා නිදහසට පෙර සිංහල ජාතිය බෙදිල තිබුණ හැටි ගැන හොඳ හාස්‍යජනක විස්තරයක් පියදාස සිරිසේන මහතාගේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතේ තියනව.

      ආගම,කුල, ප්‍රදේශ වගේ පටු සාධක මත ජාතියක් බෙදෙන්න ඕනැ නැහැ. මේක දෙමල, මුස්ලිම්, බර්ගර් ජාතීන්ටත් අදාලයි. හැම ජන වර්ගයක්ම තමන්ගේ සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කරගෙන ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ශ්‍රී ලංකික පුරවැසියන් ලෙස සිතිය යුතුයි. කිසිම ජනවර්ගයක් හෝ සංස්කෘතියක් තවත් ජනවර්ගයකට හෝ සංස්කෘතියකට වඩා උසස් හෝ පහත් නොවේ කියන පදනමින් ක්‍රියා කළ යුතුයි.

      -මොණරවිල

      Delete
    3. රසික,

      එකක් අමතක වුනා. "කුලකයන්" කියන ගණිතමය සංකල්පයෙන් ඔය මම කිව්ව අනන්‍යතා සහ පොදු ලක්ෂණ පැහැදිලි කරන්න බැරිද? මම ගණිතයේ ආසම geometry වලට. Pure mathematics මට ඕනෑ විදියට තේරුම් අරන් උත්තර ලියල මට Masters වලදී merit එකකින් සෑහීමට පත්වෙන්න වුනා. පොඩි නයෙකුත් අරින්න එපෑ.

      - මොණරවිල

      Delete
    4. "ශ්‍රීපති සූරියආරච්චි" චන්ද්‍රිකා යුගයේ අත්‍යවශ්‍ය සේවා කොමසරිස්ව හිටියා මතකයි.මම හිතන්නේ එයින් පසු තමයි ශ්‍රීපති සෘජුවම දේශපාලනයට එන්නේ.

      Delete
    5. පැහැදිලිවම වෘක්ෂ සුනඛ දෙනුවක් විසින් වෘක්ෂ සුනඛයෙක්ව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙස තෝරා ගැනීමක්. මහින්ද FCID වගේ එකක් ගෙනාවනම් සුනඛ ඩබල විතරක් නෙමේ මන්න පොන්ගලත් අද හිරේ, වික්ටර් අයිවන් ගෙන් අහන්න.


      - මොණරවිල

      Delete
    6. @ මොණරවිල

      මං දන්න තරමින් එස්කේකේ සූරියආරච්චි යූඇම්පී පැත්තට සහායට ගියේ මෛත්‍රීපාල සේනානායක එක්කයි. පස්සේ ඒ බොහෝ දෙනා ආපසු සිරිලංකා එකට ආවා.

      ඔහු පලාත් සභාවට නැවත ගියේ සිරිලංකා එකෙන් බවයි මගේ මතකය!

      Delete
    7. @ මොණරවිල

      මොණරවිලට ශ්‍රීපති සමග මෙච්චර කෝපයක් ඇත්තේ ඔහු මහින්ද වෙනුවෙන් එල්ටීටටීඊ සමග ඡන්ද වර්ජන ගණුදෙණුවට වන්නියට ගිය නිසා ද, නැති නම් පසුව සිරිලංකා "ම" පිළ ලෙස මංගල සමග වෙන්වී ඒ මහින්ද-එල්ටීටීඊ ගණුදෙණුව හෙළිකළ නිසා ද?

      Delete
  4. අපිනං අරවට කියන්නෙ වියන් රෝල් නැත්තං කිඹුල බනිස් කියලයි.

    ReplyDelete
    Replies
    1. කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්ලු!

      Delete
  5. වියන් බනිස් නෙවෙයි වියන් රෝල් කියල කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මා දන්නා වියානා බ්‍රෙඩ් ඔයිට වඩා ලොකුයි, පැණි රස නෑ!
      https://en.wikipedia.org/wiki/Vienna_bread

      Delete
  6. නලියා මුහුණු පොතේ ලිපි පල කිරීම නතරකරලාලු. මේ තීරණයට චතුස තුෂාර කුමාරගේ යම් කමෙන්ට් වගයක් හේතු වී අතැයි කියවෙනවා. නලියා පහුගිය කාලයේ මංජුල පීරිස් ආසිරි වනිගරත්න ටයිප් එකේ දාර පරාල ඇනයක් වෙමින් තිබුනේ. ඒ නිසා මුලින්ම මේ මහලු මානසික රෝගියා එළවීම ගැන චතුසට ස්තූතිවන්ත විය යුතුයි.

    මෙතැන ඊට වඩා අපූරු ප්‍රශ්නයක් මගේ නම් හිතට එන්නේ. නලියා බයවී දුවන්න තරම් චතුස ඔච්චර පොරක්ද? එක කාලයකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි ආචාර්ය ජයදේව උයන්ගොඩ වැනි උගතුන්ටත් නිහඬ කරන්න බැරිවූ නලියා චතුස කුමාර නිහඬ කරන්නේ නාථ හා විපස්සක දෙවිවරුන්ගෙ බලයෙන්ද?

    මෙතැනදී නලියා හා චතුස අතර විවිධ සමානකම් සේම විරුද්ධ පැතිද මම දකිනවා.
    මුලින්ම සමානකම්. මේ දෙනාම ප්‍රවේණි බයියන්. ගිය අත් භවයේ ඩී. ඒ. රාජපක්ෂ, ඩී. එම්. රාජපක්ෂ සමයේ ඒ පවුලට බැළ මෙහෙවර කම් කරපු ප්‍රවේණි දාසයින් දෙන්නෙක් වෙන්න ඇති. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගෙන් තොර ජීවිතයක් මේ දෙන්නාටම නෑ. මේ දෙන්නාගේම පරම සැපත රාජපක්ෂ නිර්වානය නොව රාජපක්ෂ නැවත රජ වෙනවා දැකීමයි. ඒ රජ වීම තුලින් ලංකාවේ දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට කෙල වී යනවා දකින්න දෙන්නාම කැමැති බව පේනවා.

    මේ සමානකම් මැදින් මේ දෙදෙනා තුළ ලොකු විරුද්ධකම්ද දකින්න පුලුවන්. නලියා කියන්නේ ගණිත මහාචාර්යවරයෙක්. චතුස කියන්නේ අමාරුවෙන් සාපෙල ගණිතය ගොඩ දාගත්තු කෙනෙක්. නලියාට පී. එච්.ඩී. එකක් තියෙනවා. චතුස සාපෙල පාස් කරගෙන තියෙන්නෙ අමාරුවෙන්. නලියා රට රට වල ඇවිදලා තියෙනවා. චතුස එහෙම නෑ. නලියා ඉංග්ලිෂ් පොත් කියවනවා. චතුසට ඉංග්ලිෂ් බෑ.

    මේ හන්දා කියන කතාවල සමානකම් ඇතත් චතුස කියන්නේ අමුම අමු බයියෙක් වෙනකොට නලියා කියන්නේ ඊට වඩා වේලිච්චි බයියෙක්.

    ඒ වගේම කොයි තරම් ජාතික චින්තනය ගැන කියෙව්වත් නලියාට සුද්දෙක්ගෙන් සැටිපිකට් එක ලැබීම තරම් දෙයක් තවත් නෑ. නලියා බටහිර විද්‍යාව අතහැර දමා නාථ දෙවියන් සරණ යන්නේද බ්‍රිතාන්‍ය විද්‍යා සංගමයේ අධි සාමාජිකත්වය නොලැබීම නිසා කියා නලියාමයි කියන්නේ. මෙහෙම තලයක ඉන්න නලියා නිකම්ම නිකම් මෝඩ බයියෙක් වුණු චතුසට පැරදෙන්න කැමැතිවෙයි කියා හිතන්න බෑ. ඒ හිතේ අමාරුව නිසයි ඔහු නිහඬ වන්නේ.

    එහෙම වුණත් අපි චතුස කුමාරවත් අවතක්සේරු කරන්න නරකයි. ඔහු නලියාට වඩා පොළොවේ පය ගසා ගෙන ඉන්නා කෙනෙක්. නලියාට නැති ඉවක් චතුසට තියෙනවා. ඒකයි චතුසට නලියා පරද්දන්න පුලුවන් වෙන්නේ නලියාට පීඑච්. ඩී. එකක් තිබුණා වුණත්.

    ReplyDelete
    Replies
    1. --- නලින් සිල්වා ගුරුතුමන් බුකියෙන් ඉවත්වීමේ සංවේගයෙනි --

      හේතුව කිමද බැලුකල මැති තැති ගත්තේ
      කුණු බස් දෙඩූ පල් හීරලුවෙකි ඇත්තේ
      උණුකර තාර ගා ඕකගේ පුක පැත්තේ
      සක්වළ ගලින් පහළට පැන්නිය යුත්තේ

      Delete
    2. වන්ස් අපොං අ ටයිං
      සිල්වා බිව්ව වයිං
      මාරයා ළඟට ගොයිං
      මාරයා දුන්න පයිං

      මාරයා බොහොම ලස්සන සිංහලෙන් කිව්වෙ වාහේ ඔය නාථ දේව කතා කියලා බයියන් වෙච්චි අපටත් අපහාස නොකර තොලොංචි වෙලා පලයං කියලා. ලොක්කට ලොකුවට වැදුණා ඒක.

      Delete
    3. මාත් නලින්ද ගේ පළායෑම දැක්කා.

      නමුත් ඒ කාරණය මෙතැනට නම් අදාල නෑ!

      Delete
  7. හූරිඅච්චි සූරියආරච්චි ලෙස අළු ගසා බසා දාල ආවෙ කැළණි ගඟෙනුත් එතෙරට මන්ගැච්චුවට පස්සෙ වෙන්න ඇති මහිතෙ. ඒ ගැන මොකැයි කියන්න්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්නැති, බද්දේගම නෑයෝ නම් වෙනස් කළා කියලා පරෙයියෙකු අතේ පයිණ්ඩයක් එවන්නැති!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඔය ප්‍රදේශ උත්තමවාදී වලියෙදි කවුරුවත් නොකිව්ව දෙයක් තමයි දකුණෙ හැලප හදන්නෙ මැදට පොල් සහ පැණි මිශ්‍රණයක් දානවා. අනික් පළාත් වල හැලප හදන්නෙ දකුණෙ හැලපෙන් වාටිය විතරයි. අජිත් පැරකුම් ඒ දවස් වල ලිපියක් ලිව්වා වගේ මතකයි ඔය ගැන කියලා

    ReplyDelete
    Replies
    1. හැලප අන්තිමට කෑවේ අප්‍රියෙල් මාසේ!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මහා සංක්‍රමණය කිව්වම මතක් වෙන්නේ දකුණු අප්‍රිකාවේ බෝයර්වරු කේප් කොළණියේ සිට ට්‍රාන්ස්වාල් වෙත පැමිණි Great Trek නොහොත් මහා ප්‍රයාණය

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Great_Migration_(African_American)

      http://www.rhinoafrica.com/experiences/the-great-wildebeest-migration

      Delete
    2. ඇයි රතු මුහුද දෙබෑ කරගෙන මෝසස් ගිය ගමන?

      Delete
  12. මාත් අකුරැහැ කෙල්ලෙක් හරිය..........

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොරටුවේ දී මුණ ගැහෙමු!

      Delete
  13. ගාල්ලේ වැඩියම ඉන්නේ වෙන පළාත්වලින් ගෙනත් අතරමං කර ගිය ඉක්කාවල් කියා අයෙක් කියා තිබුණි

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රමෝට් කරන්නේ නදීෂාවෝ!

      Delete
  14. රසිකට නම් බය නැතිව දකුණේ කියන්න පුළුවන් දැන් ඉන්නෙත් දකුණු කුරු දිවයිනේනේ...

    ReplyDelete
    Replies
    1. මෙල්බර්න් හිටියා නම් තමයි තවත් හොඳ!

      Delete
  15. මගේ මවගේ මව මාතරය. ඒ නිසා දකුණට සම්බන්ධයක් තිබේ. මම නම් ඕවට කියන්නේ කිඹුලා බනිස් කියාය. මගේ දරුවන් දෙදෙනාගේ ප්‍රියතම ආහාරයකි.

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ කොහෙන්ද කිඹුල්ලු? ගැඩවිල්ලු නම් ඇති!

      Delete
  16. අපටත් ඔව්වා "කිඹුලා බනිස්" තමයි.

    ReplyDelete
    Replies
    1. කිඹුල්ලුන් ගේ ඔළුව ලොකුයි, ගගුට පොඩියි. මේ ගැඩවිල්ලු!

      Delete
  17. දකුනේ පදිංචිවී ඇත්තේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමනය වු පිරිසක් බවට මතයක් තියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. එතකොට උතුරේ ඉන්නේ උතුරු ඉන්දියාවෙන් ආපු ගොබිල්ලු, නැගෙනහිර එවුන් නැගෙනහිර යුරෝපෙන් ඇවිත්, බස්නාහිර - බටහිර යුරෝපා සංක්‍රමණිකයෝ. නිකන් අමු ගොං ටෝක් දීල තප්පු ලන්න එපා මොට්ටයෝ, හැබැයි අපේ රසිකලොජි සහෝදරයා නම් හීනමානෙ නිසා බොරුවට දකුණෙන් ආව කියල කතාවක් ගෙතුවට දකුණු ඉන්දියන් කල්ලතෝනි පරපුරකින් පැවතෙන පොරක් වගේ, දැන් ඔස්ට්‍රේලියාවේ කල්ලතෝනියෙක් වෙලා එහෙට ආවඩන්නෙ ඒක නිසා වෙන්ටැ?

      Delete
    2. ලංකාවේ ඉන්නා අති බහුතරය ඉන්දියාවෙන් පැමිණ පදිංචි වූ අය තමයි. විජය ගේ සිට පඬුවස්නුවර, අනුරාධපුර, පොලොන්තර, දඹදෙනි යුගවල විතරක් නොවෙයි ඉතා මෑත අතීතය දක්වාත්.

      ඒ දවස්වල, පාස්පෝට් නෑ, වීසා ඔන් ඇරයිවල්.

      විශේෂයෙන් ම මුහුදුකර පලාත්වල ඉන්න හුඟ දෙනෙකු ඉතිහාසයේ මෑතක ලංකාව ආ අයයි. අද පවා උච්ඡාරණය වෙනස් ඒ නිසයි!

      කුල බේදයත් ඊට සම්බන්ධයි!

      Delete
  18. හෑ........ අපිත් දකුණේ තමයි යකෝ.

    සිංහල බසට දකුණේ අපෙන් ලැබුණු වචන ටිකක්:

    තෙලිජ්ජ (තෙලිදිය)
    කරිජ්ජ (කරදිය)
    මිරිජ්ජ (මිරිදිය)
    හුජ්ජ (සුළුදිය)

    ReplyDelete
    Replies
    1. එකකොට මේ සිංහල වචන?
      1. කජ්ජ
      2. බිජ්ජ
      3. ලැජ්ජ

      මේ වැදි වචනය?
      4. පොජ්ජ

      Delete
  19. "අපිත් දකුණෙ හරිය" කියල පොඩි පාරට්ටුවක් දාල අහකට වෙලා ඉන්න ගමන් කොමෙන්ට් කියවද්දී පුදුමාකාර ආතල් එකක් එනව මේ දවස්වල 😀

    ReplyDelete
  20. අපේ සීයා කෙනෙක් ආතර් සූරියආරච්චි මේ හා සමාන කතාවක් කියල තියෙනව කාලෙකට ඉස්සර ලන්දේසින් ගෙන් පණ බේරගන්න සහෝදරයන් 3 දෙනා පැනල ගිය කතාව.

    ReplyDelete
    Replies
    1. ඒ ආරංචිය ඉතා වැදගත්. මා අසා ඇති කතාව තහවුරු වීමක්.
      ධම්මික ඔබේ පවුල බද්දේගම පළාතේ ද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.