Wednesday 10 May 2017

ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak


අලුත් අවුරුද්ද සඳහා මෙන් ම වෙසක් පෝය සඳහා ද ලංකාවේ දින දෙකක් ම නිවාඩු ඇති බව මගේ මතකයයි. නිවාඩු වැඩිවීමක් මිස අඩුවීමක් නැති නිසා, එය තවමත් එලෙස විය යුතු ය.

අලුත් අවුරුද්ද සඳහා ඇති නිවාඩු දින දෙකෙන් අමතර නිවාඩු දිනය ලෙස ඇත්තේ අලුත් අවුරුද්ද උදාවෙන දිනයට පෙර දිනයයි.

ඒ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සූදානම් වීමේ කටයුතු කිරීම පිණිස විය යුතුය.

නමුත්, වෙසක් උත්සවය සඳහා පෝය දිනයේ ලැබෙන නිවාඩුවට අමතර නිවාඩු දිනය හැම විටම පෝය දිනයට පසු දිනය වේ.

එයට හේතුව දන්නවා ද?

වෙසක් පෝය දින නිවාඩු දෙන්නේ දන් සිල් භාවනා යනාදිය සඳහා ය.

වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දෙන්නේ ඔළු බක්කන් නැටවීම සඳහා ය.

වෙසක් දවසේ නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වැඩ අකැප වේ.

එනිසා, ඔළු බක්කන් නැටවීම හෙට කරමි.

මෙන්න අද වෙසක් පෝය දවස වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණය වෙන කවි පන්තියක්. මෙය මුලින් ම පළවුනේ වසර පහකට කලිනි.

බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
සත්තම දමන්නට එන්නේ කොයි කවුද
ඇත්තම වීඩියෝවල සටහන් වුවද
ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද

අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර


-රසිකොලොජිස්ට්

14 comments:

  1. වෙසක් අද වනවිට ආමිස පූජාවට ම වෙන්වුණු උත්සවයක්. විශේෂයෙන්ම මේක වෙළෙන්දන්ගේ උත්සවයක්. මෙවර වෙසගේ වෙළදාමද චීනා විසින් දැඩිලෙස ආක්‍රමණය කර ඇති සැටියක් පිටකොටුවේ රවුම් ගසද්දී දැකගත හැකිවිය. බොහෝ සැරසිලි චිනයෙන් ආනයනය කොට තිබිණි.
    ප්‍රතිපත්ති පූජාවේ නියෙැලෙන්නන් බහුතරයද ඔබේ කවි වලින් අරුත් දෙන දෙයහිම තමා ඇලී ගැලී ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ගිය සතියේ බිරිඳ ලංකාවේ දී වෙසක් කුඩු පැකට් එකක් අරගෙන ගෙනැවිත් තිබුණා. ඒක ලං ලංකාවේ හදපු එකක් කියායි කියන්නේ.

      Delete
  2. මම බෞද්ධයෙක් නම් නෙමෙයි.ඒත් රසිකගෙන් මේ වගේ විවේචන එක පාර්ශ්වයකට විතරක් එල්ල වෙන එක නම් හෙලා දකිනවා.ලබන මාසේ එන රාමසාන්වලටත් මේවාගේ කවියක් පලකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නත්තලට නිවාඩු දෙන රටවල්වලටද මේ වගේම විවේචනයක් දුන්නොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. 1. කරුණාකර ලිපිය නැවත කියවන්න.
      ඔබ මා නිවාඩු දින ගැන කියා ඇති දෙය නොවෙයි කියවා තියෙන්නේ. එසේ නැතිනම් ඔබ බෙෘද්ධ නොවන නිසා ඔබට මා කී දේ තේරී නෑ. වෙසක් දින දන්සැල්, සිල්, බණ ආදිය මිස ඔළුබක්කන් නැටවීම් සහ සංගීත සන්දර්ශන, වෙසක් නාට්‍ය (අපේ කාලයේ නම් තිබුණේ නෑ).
      ඒ දේවල් පැවැත්වුනේ වෙසක් දවසට පස්සේ දවසේයි!

      2. රාමසාන් එකට මං කවි ලියන්නේ ඇයි? ඒ කවිවල අන්තර්ගතය ලෙස මං යොදන්නේ මොනවාද? මා ලියන්නේ මගේ අත්දැකීම්. ඔබ ලියන්නේ කාගේ අත්දැකීම් ද? මට තේරෙන්නේ ඔබ මේ පෝස්ටුව තනිකරම වැරදියටයි වටහා ගෙන තියෙන්නේ.
      https://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html

      3. මේ සටහන් දෙක ද කියවන්න.

      a. https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html

      b. https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html

      ස්තුතියි!

      Delete
  3. //රාමසාන් එකට මං කවි ලියන්නේ ඇයි? ඒ කවිවල අන්තර්ගතය ලෙස මං යොදන්නේ මොනවාද? ///
    ඒකෙන්ම තේරෙනවා ඔබගේ තරම. ඔබ දන්නේ තමන්ගේ ආගම ගැන විතරයි. එහෙම නේද? ඒකපාර්ශවික ලෙස එක ආගමක් පහතට දමා පහරගහන්න එපා රසික මහත්තයා. එහෙම නම් බුද්ධාගමවත් විවේචනය නොකර ඉන්න. අර ජේතවානාරාමේ පින්තුරේ විකෘති කරපු එකවාගේ මුස්ලිම් ආගමට හෝ ආගමික ස්ථානයකට පහර වැදෙන පින්තූරයක් පුළුවන්නම් ඔබගේ මුනු පොතේ හෝ බ්ලොග් අඩවියේ පළකරන්න. හජ්ජිවලට කරන සත්ව හිංසනය හෙලා දකින්න. අනෙක් ආගම්වල කරන වැරදිත් විවේචනය කරන්න. ලොකු ටෝක් දුන්නාට ඇත්තටම එහෙම කරන්නේ නෑ බයයි නේද? ඒකයි ඔයා ඔය විරයාවාගේ බුද්ධාගම විතරක් විවේචනය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මොන විකාර කතාවක් ද මේ කියන්නේ?

      මං කොහෙද කොතැනද බුද්ධාගම විවේචනය කළේ? එකෝම එක තැනක් පෙන්නා දෙන්න බලන්න, නිකමට වාගේ?

      Delete
    2. //ලොකු ටෝක් දුන්නාට ඇත්තටම එහෙම කරන්නේ නෑ බයයි නේද? ඒකයි ඔයා ඔය විරයාවාගේ බුද්ධාගම විතරක් විවේචනය කරන්නේ.//

      Truth is out there.

      Delete
  4. Yo Kakka what iz up wit dis bullshittt dawgg?

    ReplyDelete
  5. ඇමරිකන් ජනාධිපතිතුමා කියන්නේ මහා උත්තමයෙක්. එතුමා ලෝක සාමය වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැකියි.

    එයාර්පෝස් වන් ගුවන් නැවේ නැගිලා එහෙ මෙහෙ යන්නේ. ඇෆ්ගනිස්ථානයට ගිය ගමන අමාරුම ගමන.

    ඇයි අසල්වැසි ඉන්දීය අගමැතිතුමා. ඒ උත්තමයන් අපගේ රටට කලිනුත් පැමිණියා. ආයේ හෙටත් පැමිණෙනවා. අපි වගේ කළු කැත කොට අනාත සිංහලු ඉන්නා තැනකට කිසි වෙනසක් නැතුව පැමිණෙන එකෙන්ම පේනවා එතුමාගේ තියෙන උත්තම ගුණය.

    ඇත්තටම අපි ලංකාවේ ඉන්නේ අනාත සිංහල කුකුල් පැටව්. ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටක ඉන්නා රසික මැතිතුමාත් කවි ආදිය පල කරමින් පෙන්නන්නේ මෙහෙ ඉන්න සිංහලු අපි ඔලුබක්කෝ නටවන අය කියලා ඒකයි. එතුමා ඒ රටට ගිහිං සැහෙන්න කාලයක් ගත උනත් අපි වගේ අනාථයෝ කරන කියන එව්වා ගැන දවස ගානේ ලියන එකෙන්ම පේනවා එතුමාගේත් තියෙන උත්තම ගුණය. නැත්තං වෙන කවුද තමන්ට කප්පරක් වැඩ තියෙද්දී හැමදාම අපි වගේ අනාත සිංහලු කරන කියන දේවල් ගැන ලිපි ලියන්නේ, ෆේස්බුක් එකේ දාන්නේ. තමුන්ට ඒ දියුණු රටේ ඉදං හොද ජොලියේ ඉන්න තියෙන වෙලාව කැප කරන්, ඒ රටේ දෙයක් විදින්න, අපේ රටට වඩා උසස් ඒ රටේ දේවල් කරන්න බලන්න තියෙද්දී අපි ගැනම මෙච්චර වැඩ වෙන, ලියන වෙන කවුද ඉන්නේ රසික මැතිතුමා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මා ලියන්නේ මා වෙනුවෙනි. ඔබ නිසා නොවේ!

      Delete
    2. Ano 18.05

      Well written. But nothing happens since this brainless idiot could not understand what you meant. Unfortunately you just waste your time mate.

      Delete
  6. මොනා උනත් ඔලු බක්කො සහ ඇට සැකිලි ෂෝ නම් නවත්තන තැනට වැඩ කලේ සෝම හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. අපරාදේ, දැන් ඒවා නැද්ද?
      ඉස්සර අපේ ප්‍රියතම වෙසක් වැඩසටහන!

      Delete
  7. කට්ටිය වෙසක් බලන්න පාර්ලිමේන්තු පැත්තේ එන්නද ඉන්නෙ.......... ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ....... අපේ ගෙදර ඉඳන් පයින් යන්න පුලුවන් වුනත් යා ගන්න බෑ..... ළමයි එක්ක ගිහිල්ලා හැරිලා ආවා, ඒ තරම් සෙනග

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.